බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය

බස්නාහිර පළාතට අද(01) මධ්‍යම රාත්‍රි 12 සිට හෙට අලුයම 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා මේ බව සදහන් කළේය. මිරිහානේ ඊයේ පැවති සිද්ධිය මුල්කරගෙන අද දිනයේත් මෙසේ ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගෙන ඇත.

ගනුදෙනු රූබල්වලින් පමණයි ! – රුසියාව යුරෝපයට දන්වයි !

රුසියාවෙන් මිලදී ගන්නා ගෑස් සඳහා රූබල් මුදල් ඒකකයෙන් ගෙවීම් සිදුකළ යුතු බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. එසේ නොකරන්නේ නම් අදාළ රටවලට සිදුකරන ගෑස් සැපයුම කපාහැරීමට සිදුවන බවයි රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ. ඒ අනුව අද සිට රුසියාවෙන් ගෑස් මිලදී ගන්නා රටවල් රුසියානු බැංකුවල රූබල් ගිණුම් විවෘත කළ යුතුය යනුවෙන් වන නියෝගයකට ද රුසියානු ජනාධිපතිවරයා අත්සන්…

හෙට විදුලි කප්පාදුව පැය 8 1/2යි

හෙට දිනයේ අදියර 03ක් යටතේ දිවයිනේ සියලුම ප්‍රදේශ සඳහා පැය 8.5 ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටියි. එම කාල සටහන පහතින්.

මිරිහාන විරෝධයෙන් මිලියන 39ක් පාඩුයි !

මිරිහානේදී ඊයේ ඇතිවූ සිද්ධියෙන් .රජය දේපළවලට ගිනි ගිනිතැබීමෙන් සහ පහරදී අලාභානි කිරීමෙන් රුපියල් මිලියන 39ක අලාභයක් සිදුව ඇති බවට ගණන් බලා ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. මෙම සිද්ධියේදී පොලිස් බස් රථයකට, පොලිස් ජීප් රථයකට, පොලිස් යතුරුපැදි දෙකකට තබා විනාශ කර ඇති අතර , පොලිස් බස්රථ දෙහෙකට, විශේෂ කාර්ය…

ඉම්රාන් ඛාන්ට එරෙහි බලවේග මෙහෙයවන්නේ ඇමෙරිකාවද ?

තමා විශ්වාසභංග යෝජනාවක් හරහා ධුරයෙන් ඉවත් කිරීමට උත්සහ දරණ විදේශීය බලවේගය ලෙස පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ඇමෙරිකා එක්සත් ජනපදය නම් කර ඇත. නම පැවසීමට නොහැකි විදේශීය රටක් තමාට එරෙහිව පැවැත්වෙන විශ්වාසභංග යෝජනාවේදී තම ධූරය අහිමිවනු දැකීමට නොඉවසිල්ලෙන් සිටින බව අගමැති ඉම්රාන් පසුගියදා ප්‍රකාශ කළේය. ඇමෙරිකාව නැහැ ඇමෙරිකාව නෙමේ නම කියන්න බැරි විදේශීය රටක් අපේ රටේ…

IMF ණය ගැන සාකච්ජා , ලබන සතියේ ඇරඹේ !

ශ්‍රී ලංකාවට ණය ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී සාකච්ජා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IM F) සඳහන් කර සිටී . මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකින් පෙළෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබාදිය හැකි ණය වැඩසටහනක් සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ජා කිරිමට නියමිත බව IMF මාධ්‍ය ප්‍රකාශක ජෙරී රයිස් උපුටා දක්වමින් රොයිටර් පුවත සේවය වාර්තා කර ඇත…

ජනපති නිවස ඉදිරිපිට උද්ඝෝෂණය කල 54ක් අත්අඩංගුවේ!

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රී විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ අතර කාන්තාවක ද සිටින බවයි. විරෝධතාවේදී පොලිස් හා හමුදා බස්රථ 2 ක්, ජීප් රථයක් , ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදි 2කට අලාභ හානි සිදුව තිබේ. සිද්ධියෙන්…

මිරිහානේ උද්ඝෝෂණය පිටුපස අන්තවාදීන් පිරිසක් !

නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදී පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

මිරිහානේ තත්වය සමනය කෙරේ !

කොළඹ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ පැවති ජනතා විරෝධතාවකදී ඇතිවූ තත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලිසිය පවසයි. ඒ අනුව අදාළ ප්‍රදේශය මේ වනවිට සාමකාමී තත්වයක පවතින අතර ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

“අමතක නොවෙන නිවාඩුවක්” සඳහා ලොව හොඳම ගමනාන්තය ලෙස , ශ්‍රී ලංකාව ඔසවා තැබේ !

ජාත්‍යන්තර සංචාරක මාධ්‍යවේදීන් , බ්ලොග් රචකයින් , සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙනුවෙන්ම ශ්‍රී ලංකා සංචරණය ආරම්භ කර ඇති Travel Influencer Facilitation Program වැඩසටහන හරහා , 2022 වසරේ ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි දැවැන්ත ගෝලීය අවධානයක් යොමුවීමට නියමිතව ඇත . සාර්ථක ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා දිවයිනේ විවිධ ප්‍රදේශ කා කලාප ආවරණය වන පරිදි…

ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ . ඒ නැවත දැනුම් දෙන තුරු ය. ඒ අනුව කොළඹ උතුර , කොළඹ දකුණ, මධ්‍යම කොළඹ ,නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නිතිය පැනවේ