
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව 2023 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2023 නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 968.8 දක්වා 4.4% කින් වැඩි වී ඇත.කෙසේ වෙතත්, එය 2022 නොවැම්බර් මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 2.67% ක අඩුවීමකි.
රූපය 1: මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2020 – 2023 නොවැම්බර්

(මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රේගුව)
වගුව 1: නිෂ්පාදන අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 15 හි වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

වගුව 3: කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

සේවා අපනයනය
2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2,908.61 ක් වූ අතර එය 2022 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 68.72 % කින් වැඩි විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන, තොරතුරු තාක්ෂණය/ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ කාර්යෝපාය සේවාවලින් සමන්විත වේ.