නවතම පුවත්

‘ලේකම් කාලේ මට දවසට ෆයිල් දාහත් ආවා’- RMV නිලධාරීන්ට ජනපතිගෙන් පාඩමක්

අසංක

අසංක

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා වහා කඩිනම් කිරීමේ ක්‍රමවේදයක් සකසන ලෙස එහි හදිසියේ නිරීක්ෂණයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එහි නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

එම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ තවත් මාසයක පමක කාලයකින් තමාම පැමිණ පරීක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන් වෙත පැවැසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳ පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් තමා මෙලෙස හදිසි නිරීක්ෂණයකට එහි පැමිණි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“මමත් ජනතා සේවකයෙක්. මම අවුරුදු 30ක් රාජ්‍ය සේවයේ හිටියා. මම ලේකම් වෙලා ඉද්දි සමහර දවස්වලට ෆයිල් 1000ක් විතර ආවා. හැබැයි ඒත් ඒ දවසට මම ඒවා ක්ලියර් කරලයි ගියේ. එහෙම කළේ යුද්දෙකුත් ඉවර කරන ගමන්. ඒකත් ඉවර කළානෙ. රාජ්‍ය සේවකයා මිනිස්සුන්ට කඩිනමින් සේවය කරන්න ඕනේ. මගේ කාලය තුළ මේ රාජ්‍ය සේවය කඩිනම් කළ යුතුමයි.

මෙතනට එන මිනිස්සුන්ට රස්තියාදු නොවී පැය ගණන් මෙතනට වෙලා ඉන්නෙ නැතුව වෙලාවක් දීලා ඒ වෙලාවට ඇවිත් කාඩ් එක අරන් යන්න පුළුවන් ක්‍රමවේදයක් මාසයක් ඇතුළත හදන්න. මොකද මේ දුර ඉඳන් එන අයත් ඉන්නවා. මිනිස්සුන්ට කාලය වටිනවා.” යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේය.

#visioninaction

Publiée par Sadeeptha Gunawardana sur Jeudi 26 décembre 2019
image-18
සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේත!
Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!