නවතම පුවත්

අමෙරිකාවට ගැති නොවී නැගී සිටින ඉන්දියාව

අසංක

අසංක

ඉතා මුරණ්ඩු ලෙස රට රටවල් වර්ජනය කරමින් ඉන්දියාව ගෝලීය වෙළෙදාමෙන් හුදෙකලා කිරීමට අමෙරිකාව දරන ප‍්‍රයත්නය හමුවේ එම විදේශ ප‍්‍රතිපත්තිවලට අකීකරු වීමට ඉන්දියාව කටයුතු කරන බව පෙනී යන්නකි.

රුසියාව, ඉරානය මෙන්ම මේ වනවිට වෙනිසියුලාව ද වොෂිංටනයේ ආක‍්‍රමණශීලී වාග් ප‍්‍රහාරයන්ට සහ සම්බාධකවල ප‍්‍රධාන ඉලක්ක අතරට පැමිණ සිටියි. එහෙත් ඉන්දියාව අමෙරිකාව කියන කියන වාරයක් පාසා ආපසු හැරීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

රටේ වර්ධනය වන ආර්ථිකයට අවශ්‍යව ඇත්තේ ශක්තිය හා හමුදා උපකරණ මිස ලොව සුපිරි බලවතා සතුටු කිරීම වෙනුවෙන් වාසිසහගත ගනුදෙනු ඉවත දැමීම නොවන බව ඔවුන් වටහාගෙන ඇති බව පෙනේ.

වෙනිසියුලාවේ ඉන්ධන

වොෂිංටනය විසින් මෑතකාලීනව සිදුකරන ලද පාලන තන්ත‍්‍ර වෙනස්කිරීමේ ව්‍යායාමය වූයේ වෙනිසියුලානු රජය පෙරලීමේ ප‍්‍රයත්නයයි. වෙනිසියුලාව දැන් අමෙරිකානු සම්බාධකවලින් දැඩිව පීඩනයට ලක්ව සිටියි. වෙනිසියුලාව වැඩිවශයෙන්ම යැපුණු ඉන්ධන නැව් ප‍්‍රවාහනය, ඇමෙරිකානු මුහුදුසීමාවේදී කපාහැරීම නිසා වෙනිසියුලාවට ඉන් වැදුණේ බරපතළ ප‍්‍රහාරයකි.

පෙනෙන ආකාරයට නම් ඉන්දියාව සූදානම් වන්නේ ලොකු පිමිමකටය. කෙසේවෙතත් වෙනිසියුලානු බොරතෙල් මිලදී ගැනීමේ ලෝකයේ අංක එකේ ගැනුම්කරු ලෙස පෙබරවාරි මුල් කාලයේදී ඉන්දියාවට හැකිව ඇත්තේ 66%ක් වෙනිසියුලාවෙන් ඉන්ධන ආනයනයෙනි.

එය තරමත් පොදු කරුණක් වුවද අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් විසින් ඉතා පැහැදිලි තර්ජනයක් කළේය. ඒ සිය ට්විටර් ගිණුම මගිනි. වෙනිසියුලාව සමග ඉන්ධන ගන්නා අය ‘අමතක නොකරනු ඇති’ බව ඔහු තර්ජනය කර තිබුණි. එම පණිවුඩයේ ඉන්දියාව නම නොතිබුණත් වෙනිසියුලානු ඛනිජතෙල් ඇමති ඊට පෙර දින ඉන්දියාවේ කළ සංචාරයක පුවතක් එම සටහන සමග බෙදාගෙන තිබුණි.

රුසියානු ආයුධ

ඉන්දියාව, රුසියාවෙන් එස්-400 ගුවන් මිසයිලයක් මිලදී ගන්නේ ඇමෙරිකාව රුසියාව ද විරුද්ධවාදියකු ලෙස නම් කර තිබියදී ය. එහෙත් ඉන්දියාව ඩොලර් බිලියන 4.6ක ගිවිසුම ආපසු හැරවීමට සිතුවේ නැත. දැන් එය සීල් තබා අවසන් ය.

නවදිල්ලිය දැන් අමෙරිකාවට එරෙහි විරුද්ධවාදියකු ලෙස සම්බාධකවලට ලක්වීමේ අවදානමකට මුහුණ පා සිටියි.
වාර්තා පවතින අන්දමට ඉන්දියාව විසින් අමෙරිකාවේ එෆ්-16 ප‍්‍රහාරක යානය මිලදී ගන්නේ නම් රුසියානු යානය මිලදී ගැනීම අත්හැරීමේ හැකියාවක් තිබුණි. එහෙත් ඉන්දියාව ඇසගසාගෙන සිටින්නේ තවමත් රුසියානු යානය මිලදී ගැනීම පිළිබදව ය.

ඉරාන තෙල් අමෙරිකාව ඉරානය සම්බන්ධයෙන් ද ඉන්දියාවට සම්බාධක පැනවූයේ අවම වශයෙන් ආනයනය සීමා කරන ලෙසට බලකරමිනි. ඉරානය යනු ට‍්‍රම්ප් පාලනයෙන් ගෙල මිරිකන අනෙක් තෙල් සංචිතයයි. මැයිවලින් අවසන් වන මාස 6ක නිදහස් කාලයක් ලබාදුන් අමෙරිකාවට එය දිගු කිරීමේ අවශ්‍යතාවක් නොතිබිණි.

නමුත් ඉරානය පවසා තිබුණේ එරට තෙල් ගැනීම ඉන්දියාව දිගටම සිදුකරනවා පමණක් නොව, එරටින් ගෑස් ආනයනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බවයි. දෙරටේ ගනුදෙනුව අමෙරිකානු විරෝධය මධ්‍යයේ වුවද වඩාත් සුහදශීලීව ගලා යනු පෙනේ. නවදිල්ලිය අමෙරිකානු විරුද්ධවාදීන් සමග ගනුදෙනු කරනවා පමණක් නොව, එය කරන්නේ අමෙරිකානු ඩොලරය ද භාවිත කිරීමකි් තොරවයි.

මොස්කව්වලට එරෙහි සම්බාධක මධ්‍යයේ රුසියානු එස්-400 මිලදී ගැනුනේ රූබල්වලිනි. වොෂිංටනය යළිත් ටෙහෙරානයට බැටදෙන්නට වූ තැන ඉන්දියාව ඉරාන තෙල් මිලදී ගත්තේ රුපියල්වලිනි. දෙසැම්බරයේදී ඉන්දියාව සහ එක්සත් අරාබි එමීරය මුදල් හුවමාරු ගිවිසුමකට එළැඹුණි. ඒ තෙවන පාර්ශ්වයක මුදල් නෝට්ටු කිසිසේත්ම මැදහත් කර නොගැනීමට ය.

ඉන්දියාව සයවැනි විශාලතම ආර්ථිකය හිමි රාජ්‍යයයි. එපමණක් නොව, තෙවැනි විශලතම මිලදී ගැනීමේ හැකියාව හිමි, ගෝලීය වෙළෙ`දාමේදී ඩොලරය දුර්වල කරමින් විකල්ප මුදල් නෝට්ටු හුවමාරුවට යා හැකි ශක්තිමත් රාජ්‍යයකි.

මූලාශ‍්‍ර – රුසියා ටුඩේ ඇසුරිනි
පරිවර්තනය – ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්