Featured


Share now!

ආන්දෝලනයට තුඩු දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකථන ඇමතුම් හඬපටවල රස පරීක්ෂක විමර්ශන කටයුතු අද සිට ආරම්භ කෙරේ.

සාක්ෂි සඳහා පුද්ගලයන් කැඳවීම සිදුකිරීමට නියමිතව ඇත්තේ එම හඬපට සම්බන්ධයෙන් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කරන වාර්තාවට අනුවයි.

අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි ඇතුළු උපකරණ මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇත.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශයට කළ නියෝගයකට අනුවයි.

මන්ත්‍රීවරයාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසයේ තිබී සොයාගත් බලපත්‍ර කල්ඉකුත් වූ ගිනි අවිය ද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.

එම හඬපටවල හඬ සැබෑ ඒවාද, අනුපිටපත් සහ ඒ සඳහා භාවිත කළ පරිගණක දත්ත පිළිබඳවත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කරනු ඇත.