නවතම පුවත්

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ශිෂ්‍ය කේන්ද්‍රීය දිසාවට යොමු කළ යුතුයි – ජනාධිපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාතික බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබීය. සංගමයේ ප්‍රධාන අනුශාසක ධූරය ද ඔහුට පිරිනැමිණ.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා

රටට වැඩදායක සහ ගුණධර්මවලින් පෝෂණය වූ නිර්මාණාත්මක පුරවැසි පරපුරක් බිහි කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ අරමුණු ඉවහල්වන බවත් මේ පරමාර්ථය සපුරා ගැනීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය සමග සහයෝගයෙන් ක්‍රියා කරන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දෙන බව ද ඔහු කීය.

ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය, ක්‍රමයෙන් වෙනස් කොට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපනය කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටට අවශ්‍ය හා අභියෝග ජයගැනීමට සමත් පුරවැසියන් බිහි කළ හැක්කේ එමගින් පමණකැයි පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා

“අද තිබෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. එය ශිෂ්‍ය කේන්ද්‍රීය දිසාවට යොමු කළ යුතුයි. බාලදක්ෂ ව්‍යාපාරය ඒ සඳහා දායක කර ගන්න පිළිවන්.” ජනාධිපතිවරයා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්