BREAKING NEWSක්‍රීඩා


Share now!

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙවර ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල අත්හිටුවීමේ අවදානමක් මතුව තිබේ. 

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩා උළෙල බොහෝ දුරට අත්හිටුවනු ඇති බවය.

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් පවතින තත්ත්වය හමුවේ ක්‍රීඩා උළෙල පැවැත්වීම අවදානම් බව කමිටුවේ අදහසයි.

ක්‍රීඩා උළෙල අත්හිටුවන්නේද නැද්ද යන්න පිළිබඳව ඔලිම්පික් කමිටුව රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර එහි තීන්දුව පසුව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇත.

ඉතාලියේ කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් එරට පැවැපැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා තරග 44ක් පමණ අඅවලංගු කෙරිණ.