නවතම පුවත්
අසංක

අසංක

අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා එක්තරා වැඩසටහන සහභාගි වී කරන ලද අදහස් දැක්වීමක් ලොව පුරා අතිශය ප‍්‍රසිද්ධියට පත්ව තිබේ.

ජීවිතය වඩාත් සාර්ථකත්වයට ගමන් ගනිද්දී මිනිසකු සරල විය යුත්තේ ඇයි ද තමන් පිළිබද ඇති සැබෑ ආත්මවිශ්වාසය පිළිබදව හා තවමත් සාර්ථකත්වයේ දොරටු විවර නොවූ මිනිසුන්ට ඔබේ ජීවිතයෙන් ආදර්ශයක් වන ආකාරය ඔහු මෙහිදී පහදයි.

සාර්ථක වූ මිනිසුන් කළයුතු වන්නේ ඒ දක්වා නොගිය මිනිසුන් ඔසවා තබා ශක්තිමත් පෞරුෂයක් ගොඩනගාගැනීම බව බරක් ඔබාමා‌ ලෝකයට කියාසිටියේ මෙසේ ය.

‘ඔබට ඔබේ මුදල් තත්ත්වය ගැන ඇත්තටම විශ්වාසයක් තියෙනවා නම්, ඔබ කොහෙත්ම ඔබේ ගෙලට පවුම් 8ක විතර මාලයක් පළදින්නේ නෑ. මොකද ඔබ දන්නවා මට බැංකුවක් තියෙනවා කියලා. මම ඒක පෙන්නන්න අවශ්‍ය නෑ මට කොච්චර තියෙනවද කියන එක. මම ඉන්නේ හොදින් එච්චරයි.


ඔබට විශ්වාසයි නම් ඔබේ ලිංගික හැකියාව ගැන, ඔබට ගැහැණුන් 8ක් විතර වටේ තියන් ඉන්න අවශ්‍ය නෑ. මට ඉන්නේ එක ගැහැණියයි මම ඇය සමග ඉතාම සතුටින් ඉන්නවා. ඇය හරිම ශක්තිවන්ත කාන්තාවක්.

අපිට තියෙන අභියෝගය තමයි ගොඩක් වෙලාවට වගේම ඉතිහාසයේ සිටම සමාජය තුළ ඇති වර්ගවාදය. එමගින් සමාජයට ගිහින් තියෙන්නේ ඔබ දුර්වලයි හෝ ඔබ අවමය කියන දේ.අතිශයෝක්තියකින් කරන්නේ ඒ හැගීම දැනවීම.

ඔබ ඔබේ ශක්තිය ගැන විශ්වාස කරනවා නම්, ඔබ යම්කිසි අයකු පහතට හෙළා එය මට පෙන්වීමට අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් යම් අයකු ඉහළට ඔසවා මට ඔබේ ශක්තිය පෙන්වන්නට. කෙනෙකුට හොදින් සැළකීමෙන්, ගෞරවයෙන් සැළකීමෙන් අන්න එය විලාසිතාවක් කරගෙන ඔබේ ශක්තිය පෙන්වන්නට පුළුවන්.’ යනාදි වශයෙන් බරක් ඔබාමා මෙහිදී කරුණු දැක්වීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්