ක්‍රීඩා


Share now!

කලාකාරිනියක, සංගීතඥවරියක වන ක්ෂේත්‍ර ගණනාවක දස්කම් ඇති සුපිරි යොවුන් පා පැදි ධාවන ශූරියක් වන අමෙරිකානු ජාතික කෙලී කැට්ලීන් සියදිවි නසාගෙන තිබේ.

ඇය 23 හැවිරිදි සුපිරි පාපැදි ශූරියකි.

ඇමරිකාව නියෝජනය කරමින් ඇය 2016 සිට 2018 දක්වා අඛණ්ඩව ලෝක ශූරතාවත්, 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමත් දිනා ගෙන තිබේ.

කැට්ලින්ගේ පියා ලිපියක් මගින් මෙම මරණය පිළිබද මාධ්‍ය දැනුවත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේදී කැලිෆෝනියාවේ පිහිටි නිවසේදී ඇය එලෙස සියදිවි නසාගෙන ඇති බවය.

ගණිතය හා චීන භාෂාව පිළිබඳ උපාධිධාරිනියක ද වන ඇය මිය යන විට කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද හදාරමින් සිට තිබේ.