නවතම පුවත්

අපේක්ෂකයන් 29ක් ඡන්ද නීති කඩලා – 3ක් අත්අඩංගුවට

අසංක

අසංක

ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් 29 දෙනෙකුට එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මොවුන් විවිධ දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් බව ඔහු කීය.

අපේක්ෂකයින් තිදෙනෙක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන ඇත.

එම අපේක්ෂකයන් පුත්තලම, කුරුණෑගල සහ යාපනය දිස්ත්‍රික්වලින් මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නන්ය.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රාජකාරියේ නිරත වූ පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඒ ජා-ඇල සහ පොළොන්නරුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ය.

මේ වනවිටත් ඔවුන් එම ස්ථානවලින් මාරුකර වෙනත් නිලධාරීන් අනුයුක්තකර ඇත.

ඊට අමතඑව මැතිවරණ නීති කඩකරමින් කටයුතු කළ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්