නවතම පුවත්

ඉන්දියාවෙන් ඩොලර් මි.400ක විනිමය පහසුකම්

අසංක

අසංක

ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට ඉන්දියානු සංචිත බැංකුව පියවර ගෙන ඇත .

මෙම විනිමය හුවමාරු පහසුකම 2022 වසරේ නොවැම්බර් දක්වාම මෙරටට හිමි වනු ඇති බවද මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කල නිවේදනයක දැක්වේ.

කොවිඩ්-19 වසංගතයෙන් මතු වන අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීමට ඉන්දීය රජය ගෙන ඇති තීරණයට සමගාමීව ඉන්දියානු සංචිත බැංකුව මෙම පියවර ගෙන ඇත .

විශේෂයෙන්ම ආර්ථික ක්ෂේත්‍රයට අදාලව ඉන්දියා – ශ්‍රී ලංකා සහයෝගීතාවය ශක්තිමත් කිරීමට ඉන්දීය රජයේ කැපවීම මේ හරහා පිළිඹිබු වන බවද නිවේදනයේ දැක්වේ.

නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා හමුවී මෙම විනිමය හුවමාරු පහසුකම ක්‍රියාවට නැංවෙන අකාරය පිළිබඳවද මූලික සාකච්ඡා සිදුකරන ලද බව නිවේදනයේ දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්