මීගමුව කටාන ප්‍රදේශයේ පිහිටි බීඩි ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද දහවල් කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් රුපියල් කෝටි 3 ක මුදලක් කොල්ල කා පලාගොස් තිබේ.
ආයුධ සන්නද්ධව කොල්ලකරුවන් පැමිණ ඇත්තේ මෝටර් රථයකින් සහ යතුරුපැදියකිනි.
මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතා පැවසුවේ කොල්ල කරුවන් පැමිණි වාහනවල තොරතුරු සහ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි.