BREAKING NEWSCorona Live Update


Share now!

කොරෝනා වෛරසය මර්දනය කිරීම වෙනුවෙන් හඳුන්වා දී තිබෙන ප්‍රතිශක්තීකරණ එන්නත් තුනකට ළඟදීම  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීමට නියමිත බව  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත .
 Pfizer saha bio n tech සමාගම්  හඳුන්වා දුන් එන්නත, මෙන්ම  Moderna එන්නතට  සහ ඔක්ස්ෆර්ඩ් ආයතනය හඳුන්වා දුන් AstraZeneca එන්නතට   මෙසේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ  අනුමැතිය හිමිවනු ඇති බවද දැනගන්නට ඇත .
Pfizer එන්නත මේ වනවිටත් මහා බ්‍රිතාන්‍යයේ භාවිතා කරන අතර තවත් රටවල් කිහිපයක් විසින් එම  එන්නත භාවිතා  කිරීම ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
Moderna එන්නත ඇමරිකානු බළධාරීන් විසින් මේ වනවිටත් මිලියන සිය ගණනක් මිලදී ගැනීටම කටයුතු කර ඇති බවද වාර්තා වේ.
මෙම එන්නත් තුනට අමතරව රුසියානු විශේෂඥයන් විසින් ස්පුට්නික් V නමින් එන්නතක් හඳුන්වා දී ඇති අතර චීනයද තවත් එන්නතක් හඳුන්වා දී තිබේ.එම එන්නත් වලටද ලොව පුරා රටවල් රැසකින් ඇනවුම් ලැබී ඇති බව වාර්තාවේ