නවතම පුවත්

රියැදුරන්ට දඩ මුදල වැඩිවෙයි – දඩුවමත් දැඩිවෙයි

අසංක

අසංක

ගැසට් නිවේදනය අනුව රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය සම්බන්ධයෙන් පළමු අවස්ථාවේදී දැනට අය කරන දඩ මුදල රුපියල් 25,000 සිට 30,000 දක්වා ඉහළ දමා තිබේ. එය පෙර පැවතියේ රුපියල් 3000 සිට 6000 දක්වායි. දෙවැනි අවස්ථාවේදී එම දඩය රුපියල් 30,000ත් 50,000ක් වේ.

රියැදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයන් සේවා නියුක්ත කිරීම සම්බන්ධයෙන් පළමු දඩය රුපියල් 25,000 සිට 30,000 දක්වාත්, දෙවන අවස්ථාවේදී දඩය රුපියල් 30,000 සිට 50,000 දක්වාත් ඉහළ දමා ඇත.

මත්ද්‍රව්‍ය භාවිත කොට රිය ධාවනය කළහොත් රුපියල් 25,000ත් 30,000ත් අතර වූ දඩ මුදලක් සහ රියැදුරු බලපත්‍රය මාස 12කට නොවැඩි කාලයක් අත්හිටුවේ. ඊට අමතරව මාස 3කට නොවැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමද සිදුවේ. නව ගැසට් පත්‍රයට අනුව එවැනි වරදකදී ඉහත දඩ මුදල අයකොට මාස 6කට නොවැඩි කාලයක් බන්ධනාගාරගත කොට රියැදුරු බලපත්‍රය අවලංගු කෙරේ. මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය පදවා සිදු කරන අනතුරකින් යම් අයෙකු මිය ගිය හොත් රුපියල් ලක්ෂයේ සිට 150,000 අතර දඩයක් හා රියැදුරු බලපත්‍රය අවලංගු කෙරෙනු ඇති අතර අවුරුදු 2 සිට අවුරුදු 10 දක්වා බන්ධනාගාරගත කිරීමේ ඉඩක් ද ඇත. බරපතළ තුවාල සිදු කළ හොත් අදාළ දඩ මුදල රුපියල් 50,000 සිට 100,000ක අතර මුදලක් ද, සුළු තුවාල සිදු කළ හොත් රුපියල් 30,000 සිට 50,000ක අතර මුදලක් ද පැනවීමට හැකි ය.

වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය කළහොත් දඩය රුපියල් 25,000ත් 50,000ත් අතර මුදලකි.

දුම්රිය මාර්ගය තුළට අපරික්ෂාකාරී ආකාරයෙන් මෝටර් වාහන ධාවනය සම්බන්ධයෙන් පළමු අවස්ථාවේ රුපියල් 25,000ත් 30,000ත් අතර මුදලක් අයකෙරේ. ඒ සදහා මෙතෙක් දඩ මුදලක් අයකෙරුණේ නැත.

මඅධික වේගයෙන් රිය ධාවනය, වමෙන් ඉස්සර කිරීම යන රථ වාහන වැරදි සම්බන්ධයෙන් වූ දඩ මුදල් ද සංශෝධනය කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්