එළඹෙන එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(8) නිල වශයෙන් නිවේදනය කළා.
අප මීට පෙර වාර්තා කළ පරිදි එක්දින සහ 20යි 20 කණ්ඩායම් දෙකේම නායකත්වය හිමිව ඇත්තේ කුසල් ජනිත් පෙරේරාටයි.
උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇති.
අශේන් බණ්ඩාර ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මෙම සංචිතයට නම් කර නැහැ.
නිමා වූ බංග්ලාදේශ තරගාවලියට එක්වීමට අවස්ථාව අහිමි වූ අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් මෙම සංචිතයට නම් කර තිබෙනවා.
මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් සහ ඉෂාන් ජයරත්න ද සංචිතයට ඇතුළත්.
එමෙන්ම යොවුන් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.
එංගලන්ත තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
පළමු 20යි 20 තරගය ජූනි 23 වනදා කාර්ඩිෆ් හී දී පැවැත්වෙනු ඇති.
ජූනි 24 වනදා දෙවන 20යි 20 තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වෙන අතර, තෙවැනි 20යි 20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි 26 වනදා සවුත්හැම්ටන් හී දී යි.
දෙරට අතර පළමු එක්දින තරගය ජූනි 29 වනදා ඩර්හැම්හී දී ද, දෙවැනි එක්දින තරගය ජූලි පළමු වනදා ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි එක්දින තරගය ජූලි 4 වනදා බ්‍රිස්ටල්හී දී ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
20යි 20 තරග ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණු තරග දෙකකට එක්වීමට නියමිතව ඇති අතර, එම තරග ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වීමට නියමිතයි.
එංගලන්ත සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෙට(9) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචිතය –
Kusal Janith Perera – Captain
Kusal Mendis
Danushka Gunathilaka
Avishka Fernando
Pathum Nissanka
Niroshan Dickwella
Dhananjaya De Silva
Oshada Fernando
Charith Asalanka
Dasun Shanaka
Wanindu Hasaranga
Ramesh Mendis
Chamika Karunaratne
Dhananjaya Lakshan
Ishan Jayaratne
Dushmantha Chameera
Isuru Udana
Asitha Fernando
Nuwan Pradeep
Binura Fernando
Shiran Fernando
Lakshan Sandakan
Akila Dananjaya
Praveen Jayawickrama