නවතම පුවත්

එන්නත ගන්නේ නැත්නම් දැඩි නීති ගේනවා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනතාව එන්නත්කරණය සඳහා යොමු නොවන්නේ නම් ඉදිරියේදී නව නීති සම්පාදනය කිරීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (26) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය

“කෙනෙකුට තියෙනවා තමන්ගේ ජීවිතේ ගැන අයිතියක්. හැබැයි ඔහුට අයිතියක් නෑ තව කෙනෙක්ගේ ජීවිතය අනතුරට ලක්කරන්න. එවැනි තත්ත්වයකට එනවා නම් අපට ඉදිරියේ දී , මුළු යුරෝපයේ ම මේ වනවිට ක්‍රියාත්මක වෙනවා වැක්සින් දෙකම නැති අයට පොදු ස්ථානවල දී ගැවසීම තහනම් කරලා නීතියක් ගෙනල්ලා තියෙනවා. වැක්සින් එක ගන්න කියන එකට අපිට බලහත්කාරකම් කරන්න බෑ. ඒක ස්වෙච්චාවෙන් කෙරෙන්නේ. හැබැයි අපිට පොදු ස්ථානයක් තියෙනවා නම් ඒ ස්ථානයට යම්කිසි වෛරස් එකක් එනවා කියලා දැන දැන මේකේ කිසිම රැකවරණයක් නැති පුද්ගලයෙක් එතැනට ගෙනල්ලා දානවානම් එතකොට ඒකේ වගකීම රජයක් හැටියට අපටත් තියෙනවා. පුද්ගලයින් හැටියට ඔවුන්ටත් තියෙනවා. ඒ නිසා පදනම උඩ නීතිරීතිත් ඉදිරියේ දී ගේන්න සිද්ධවෙයි.”

ජනතාව සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට රට තුළ කොවිඩ් සීමාවන් ලිහිල් කරමින් ගියත් ජනතාව තවමත් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන බවය.

“ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි මුඛ ආවරණය හුඟක් වෙලාවට නහයෙන් පහළට තමයි පලඳගෙන ඉන්නේ. නැත්නම් කතා කරන්න යනකොට මේක ටක් ගාලා පහළට දානවා. පුද්ගලයින් ඒකරාශී වන ස්ථානවලට හැකි තරම් යාමෙන් වළකින්න. මොකද තාමත් අපි රෝගීන් 500ක් 600ක් වාර්තා වන කාලසීමාවක ඉන්නේ. මේ රෝගය ලංකාවෙන් තුරන්වෙලා නැහැ. ලෝකයෙන් තුරන්වෙලත් නැහැ. පහුගිය කාලයේ අපි දැක්කා ඩෙල්ටා ප්‍රභේදය එක්ක අපි මොන තරම් රෝගී සංඛ්‍යාවක් දෛනිකව අපි ගැටුනා ද කියලා. එහෙම කාලයක් පහුකරලා අපි අද මෙවන් සාධනීය තත්ත්වයකට ඇවිල්ලා ඉන්නේ. මේක රැකගන්න ඕනේ. මේක රැකගත්තේ නැත්නම් අනිවාර්යයෙන් ම නැවත වතාවක් සීමාවන්ට යන්න වෙනවා. ඒක අපිට කරන්න දෙයක් නෑ. ඊට පස්සේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටවත් ත්‍රිවිධ හමුදාවටත් දොස් කියන්න එපා. අපි මොකක්වත් කරන්නේ නෑ කියලා. අපිට කරන්න පුළුවන් උපරිමය අපි දැන් අවුරුදු 1 හමාරක් තුළ කරලා තියෙන්නේ.”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්