නවතම පුවත්

එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට ඕස්ට්‍රේලියාවේ දොර ඇරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වූ සංචාරකයින්ට තම රටට ඇතුළු වීමට ඔස්ට්‍රේලියාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව මේ මස 21 වනදා සිට යළි සංචාරකයින් සඳහා දේශ සීමා විවෘත කෙරෙන අතර වසර දෙකකට පමණ පසුව එම තීරණය ගැනීම විශේෂත්වයක් වේ.

එසේම මෙසේ ඔස්ට්‍රේලියාව තැන දේශ සීමා විවෘත කරනුයේ , එරට කොවිඩ් ව්‍යාප්තිය ඉතා ඉහල මට්ටමක පවතින කාලසීමාවකදී වීමද විශේෂ කරුණකි .ඊයේ දිනද එරටින් කොව්ඩ් ආසාධිතයින් 23000 කර අධික සංඛ්‍යාවක් හඳුනාගනු ලැබිණ .

පසුගිය වසර අග භාගයේ සිට එරට පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට පමණක් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර හිමි වූ අතර පසුව ජාත්‍යන්තර සිසුන් සහ සංක්‍රමණික සේවකයින්ට ද රටට ඇතුළු වීමට අවසර හිමි වුණි.

කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර යාමත් සමග ඔස්ට්‍රේලියාව 2020 වසරේ මාර්තු මාසයේදී සිය දේශ සීමා වසා දැමුවේය.

එළැඹෙන පාස්කුවට පෙර ඔස්ට්‍රේලියානු දේශ සීමා සම්පූර්ණයෙන් විවෘත කිරීම රජයේ සැලසුම වී තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්