නවතම පුවත්

ඇඟළුම් ක්‍ෂේත්‍රයේ, මිලියනයකට ආදායම් අහිමිවීමේ අවදානමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ,මෙරට ඇඟළුම් කර්මාන්තශාලා රැසක් වැසීයාමේ අවදානමක් මතුව ඇත .

, නියමිත දිනට ජාත්‍යන්තර ඇනවුම් ලබාදීමට නොහැකිවීම හමුවේ මෙරටට ලැබෙන ඇඟළුම් ඇණවුම් 20%කින් පමණ පහත වැටීම මීට හේතුවවී ඇති බව වෘත්තීය සමිති පෙන්වාදේ.

මෙම තත්ත්වය තුළ ඇඟළුම් කර්මාන්තය බිඳවැටුණහොත්, එහි සෘජු රැකියාවල නිරත ශ්‍රමිකයින් 350,000කට සහ වක්‍ර රැකියාවල නිරත සැපයුම් ක්ෂේත්‍රයේ මිලියනයකට අධික පිරිසකට ආදායම් අහිමිවීමේ අවදානමක් ඇතැ යි වෘත්තිය සමිති පෙන්වා දෙයි.

“ඇඟළුම් කර්මාන්ත ශාලාවල ගැණුම්කරුවන් කියලා තියෙනවා ඒගොල්ලන්ට මේ තියන තත්ත්වය තුළ වෙලාවට ඇණවුම් ලබාගන්න බැරි නම් ඇණවුම් වෙන රටවලට ගෙනියන්න වෙනවා කියලා,” නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් පවසා සිටියේ ය.

“දැනටමත් 20%ක් විතර ගෙනියලා කියලා කියන්නේ. හයමාසයකට සැරයක් නේ ඇනවුම් දෙන්නේ. දැන් මේ ජුනි මාසය වෙනකොට ලැබිලා තියෙන ඒවා 20%ක් පමණ දැනටමත් බංග්ලාදේශය හා වෙනත් රටවලට ගෙනිහිල්ලා තියෙනවා.”

“මෙම තත්ත්වය දිගටම තිබුණොත් ජුනි මාසයේ ඉදලා ඊළඟ හයමාසයට ඇනවුම් ලබා දෙද්දි එගොල්ලන්ට මේක ගැන සලකා බලන්න වෙනවා කියලා, කියලා තියෙනවා කියලයි සේවා යෝජක සමාගම් කියන්නේ. මේක අනතුරුදායක තත්ත්වයක්.”

කොරෝනා වෛරසය: දකුණු ආසියාවේ ඇඟලුම් වෙළෙඳපොළ බිඳ දමන හැටි – ලක්ෂ ගණනකට රැකියා නැහැ
ඇඟලුම් කර්මාන්තය: “ලාභය තකා ඇඟලුම් සේවකයින් බිල්ලට” – වෘත්තීය සමිති
මෙරට ආයෝජන කලාප 13ක් ඇති අතර ඒවායේ පිහිටා ඇති කර්මාන්ත ශාලා සංඛ්‍යාව 300කට අධික වෙයි.

ඇඟළුම් කර්මාන්ත ශාලාවලින් බොහෝමයක් ආයෝජන කලාපවලින් පිටතින් පිහිටා ඇත.

ආයෝජන කලාපවල පිහිටා ඇති කර්මාන්ත ශාලවලට ආයෝජන මණ්ඩලය මඟින් විදුලිබලය සැපයීමට පියවර ගෙන ඇති නමුත් ආයෝජන කලාපවලින් පිටත පිහිටා ඇති කාර්මාන්ත ශාලවලට විදුලි අර්බුදය දැඩිව බලපා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්