නවතම පුවත්

අටළුගම දැරිය ඝාතනය කළ කුඩුකාර ‘කොත්තු බාස්’ සියල්ල වමාරයි

අසංක

අසංක

මුළු රටේම අවධානය යොමු වූ අටලුගමදී අමානුෂික ලෙස ඝාතනය වූ ෆාතිමා අයීෂා දැරිවියගේ මරණයට වගකිව යුත්තා මේ වන විට සිටින්නේ පොලීස් අත්අඩංගුවේය.

මත්කුඩුවලට දැඩිව ඇබ්බැහි වූ කොත්තු බාස් කෙනෙකු ලෙස සේවය කරන විසි අට වියැති මේ පුද්ගලයා මල් කැකුළක් බදු ඒ නව හැවරදි දියණියගෙන් සිය පහත් ආශාවන් ඉටුකර ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඇගේ කෑ ගැසීම නිසා මඩ වගුරේ ඔබා ඇයව මරා දමා ඇති බව මේ වන විට හෙළිවී හමාරය.

මේ මල් කැකුළ එදා 28 වෙනිදා මස් රැගෙන ඒමට නිවසේ සිට මීටර් 250 ක් පමණ ඈතකින් පිහිටි වෙළද සැලට යන්නේ සිය මවගේ දැනුම් දීමට අනුවය. ඇයට මේ අපරාධය වන්නේ දහවලට උයන්නට මවට ඒ මස් ටික රැගෙන එමින් සිටියදීය.

ඇය ඒ එන්නේ අනාරක්ෂිතවය. නිතර ඇගේ නිවසට යන එන පුද්ගලයෙක් වූ සිය පියා සමඟ මත්කුඩු පානය කරන්නෙක්ද වූ මේ නරුමයාට ඇයව මුණ ගැසෙන්නේ එකි ඒ අනාවරක්ෂිත භාවයතත් සමගිනි.

ඇයව අතුරු මාර්ගයකට කැදවූ ඔහු සූදානම් වන්නේ මල් කැකුළ තලා පෙලන්නටය. එහෙත් ඇගෙන් ඊට ඉඩක් නොවීය. ඒ නිසාම ඔහු කරන්නේ ඇයව ඇදගෙන ගොස් වගුරු බිමේ මඩ අතර සිරකර ඝාතනය කිරීමය.

මේ අපරාධය මේ තරමින් හෝ අනාවරණය කර ගැනීමට පොලීසියට අද හැකියාවක් ලැබෙන්නේ එදා මේ දියණිය අතුරු මාර්ගයේ සැකකටයුතු ලෙස රැදී සිටිනු දුටු කාන්තාවක් ඒ ගැන පොලීසියට කීමත් සමගිනි. එම කාන්තාව පොලීසියට පවසන්නේ ඇය තරමක් බියට පත්ව සිටි බවය. එම ස්ථානයේ කුමක් කරන්නේදැයි එම කාන්තාව ඇගෙන් විමසන්නටද අමතක කර නැත. ඊට ඇගේ පිළිතුර වී ඇත්තේ සීයා පැමිණෙන තුරු රැදී සිටින බවකි. ඇගේ මරණයත් සමග මෙම කාන්තාවට යම් සැකයක් ඇතිවෙමින් ඒ ගැන පොලීසියට කියන්නේ ඒ අවස්ථාවේදී ඒ කිට්ටුව පාත මේ කියන සැකකරුද රැදී සිටීම නිසාය.

දැන් ඔහු සියල්ල වමාරමින් ඇත්තේය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මගින්ද ඇය අතවර වූ බවක් කියන්නේ නැත. ඒ අනුව ඇයට මේ පුද්ගලයාගෙන් එවන් අපරාධයක් සිදුව නොමැති බව පැහැදිලිය. එහෙත් ඇගේ ජීවිතය ඔහු බිලිගත්තේය. ඊට ඔහු නිදහසට කරුණු කියන්නේ දැරිවිය අතහැරියහොත් ඒ ගැන නිවැසියන්ට කිවහොත් ඇතිවන ලැජ්ජාව හා බිය නිසා මෙවන් අපරාධයක් ඇයට කළ බවය. එහෙත් ඔහුට ඒ අපරාධය වසන් කරන්නට කිසිදු ඉඩක් නොවීය. ඒ අපරාධකරුවෙකුට අපරාධයක් කර සදාකාලීකවම එය වසා ගෙන සිටීමට නොහැති බවට වූ පොදු ධර්මතාවය තව දුරටත් සනාත කරමිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්