නවතම පුවත්

නලින් බණ්ඩාර මන්ත්‍රීගේ ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතික්ෂේප කරයි

අසංක

අසංක

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රිකට් තරඟ ශ්‍රී ලංකාවේ නොපැවැත්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (09 දා) පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය සහ එම චෝදනා සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ මේ පිළිබඳව කරුණු දැක්වමින් ඒ මහතා සිදු කරනු ලැබ ඇති එම ප්‍රකාශය පදනම් විරහිත, අගතිගාමී සහ අශෝභන ප්‍රකාශයක් වන අතර විෂය කරුණු පිළිබඳ ශුන්‍ය දැනුමකින් ප්‍රකාශ කර ඇති බවයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ආසියානු ක්‍රිකට් කවුන්සිලය යනු ආසියානු භුගෝලීය කළාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල සාමාජිකත්වයකින් සැදුම්ලත් ආයතනයක් වන බැවින් එහි පූර්ණ පාලනය සිදුකරනු ලබන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසිනි. එබැවින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ද්වීපාර්ශ්වික තරගාවලියක් මෙන් තම තනි අභිමතය අනුව ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලානය සම්බන්ධයෙන් හිමිකම් පෑමක් සිදු කිරීමට හෝ එහි සත්කාරකත්වය ලබා ගත නොහැකි බව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රකාශ කර සිටියි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය යනු ස්වාධීන ආයතනයක් බැවින් සෑම වසරකටම ආසියානු කුසලානයේ සත්කාරක අයිතිය ලබාදීම සඳහා එක් එක් සාමාජික රටවල් සඳහා අවස්ථාව ලබා දෙන බවත්, එය සිදුකරනු ලබන්නේ ද එම කවුන්සිලය වෙත එම තරගාවලියෙන් උපරිම ලාභ ලැබීමේ අරමුණු ඇතිවය. එබැවින් සත්කාරකත්වය ලබාදීමේදී අදාළ රටේ වර්තමාන තත්ත්වය සහ තරගාවලිය සදහා වන අනෙකුත් හිතකර අවශ්‍යතා පිළිබඳව දැඩි ඇගැයීමකට ලක් කෙරෙන අතර ඊට පසුව එම සත්කාරකත්ව අවස්ථාව ලබාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ඇත.

ඒ අනුව පසුගිය මාස කිහිපය තුළම ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික සහ සමාජයීය යන දෙඅංශයේම තත්ත්වයන් සහ වර්ධනයන් පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලය සමීප නිරීක්ෂණයක නිරත වුණු අතර ඒ සියල්ල සලකා බලා සාමාජික රටවල් අතර ඉකුත් ජූලි 24 වැනිදා පැවැති තීරණාත්මක රැස්වීමේදී තරගාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවට ලබා දෙමින් එම තරගාවලියේ ක්‍රිකට් තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතා හොඳින් සිදුකෙරෙමින් පවතින මෙවැනි කාල වකවානුවකදී ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව මෙරට ආර්ථිකයට අවශ්‍ය විදේශ විනියම ආදායම් ගෙන දෙමින් සහ අනෙකුත් ක්‍රීඩාවන්වලට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙමින් සිටින වටපිටාවක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිදුකරන ලද ප්‍රකාශය මඟින් මෙම වසරේ පැවැත්වීමට නියමිතව ඇති ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රතිරූපයට හානි පමුණුවා ඇති බැවින්, පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගනිමින් එවන් ආකාරයේ ප්‍රකාශ නොකළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහස වේ.

තවද තමන් ප්‍රකාශ කරනු ලැබූ කරුණු පිළිබඳව සත්‍ය හෝ අසත්‍යතාවය පිළිබඳව කිසිදු කරුණු සොයා බැලීමකින් තොරව සහ හෝ ඒ පිළිබඳව නිසි අධ්‍යනයකින් එම ප්‍රකාශය නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇති බව පෙනී යන බැවින් ඔහු විසින් සිදුකරන ලද ප්‍රකාශය අතිශය වගකීම් විරහිත ප්‍රකාශයක් බැවින් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි හෙළා දකිනු ලබයි.

තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකියාව ලැබුණේ නම් ඩොලර් මිලියන 50 ක අතිශය විශාල වූ මුදලක් රටට ලැබීමට නියමිතව තිබු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටින නමුදු එවැනි මුදලක් රටට ලැබෙන බවට වූ කිසිදු ස්වාධීන වාර්තාවක් හෝ පර්යේෂණයක් මගින් මෙතෙක් අනාවරණය වී හෝ තහවුරු වී නොමැති බවද මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මතක් කර දී සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි කටයුතු අස්ථාවර කිරීමේ යටි අරමුණු ඇති පුද්ගලයින් කිහිප දෙනෙකුගේ පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මෙම උසිගැන්වීම සිදුකර තිබෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සලකනු ඇත.
තවද, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උපරිම ක්‍රීඩාංගණ ධාරිතාව 30,000කට සීමා වන බැවින් ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩාංගනයකට මේ සා විශාලත්වයේ කිසිදු තරඟාවලියක එක් තරඟයක් සඳහා ප්‍රේක්ෂකයින් 100,000කට පහසුකම් සැලසීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින අතරම එබැවින් ප්‍රේක්ෂක සහභාගීත්වය පිළිබඳව බණ්ඩාර මහතා කළ එම අදහස යථාර්තවාදී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සලකනු ලබයි.

මේ අතර ද්වී පාර්ශ්වික තරගාවලි පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිළි කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරමින් පමණක් ද්වී පාර්ශ්වික තරගාවලි පැවැත්වෙන බැවින්, මෑතකදී පවත්වා අවසන් කෙරුණු ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟ වූ තරග සංචාර දෙකටද අවශ්‍ය සැපයුම් සහ අනෙකුත් කටයුතු සියල්ල සිදුකරන ලද්දේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කිරීමට කැමැත්තෙමි.
කෙසේ වෙතත්, ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇති ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවල් හයක ජාතික ක්‍රිකට් කණ්ඩායම් හි සහභාගිත්වයෙන් පවත්වනු ලබන තරගාවලියකදී ඉන්ධන අර්බුදය, විදුලි බලය සැපයීමේ සීමාවන් මෙන්ම අනෙකුත් පහසුකම් සැපයීමේදී එම සපයන්නන් මෙන්ම නරඹන්නන් යන දෙඅංශයන්ම මුහුණ දෙන ගැටළු පිළිබඳවත්, ආසියානු කුසලාන තරගාවලියේ පාර්ශ්වකරුවන් සහ එහි වාණිජ හවුල්කරුවන් විසින් සිදුකරන ලද ඉල්ලීම් පිළිබඳවත් සලකා බලමින් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව තුල තරඟ පැවැත්වීම හිතකර නොවන බවට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

එපමණක් නොව සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශානතියක් කරා ඉතාමත් උද්‍යෝගයෙන් ගමන් කරමින් සිටින මෙවන් අවස්ථාවක එක් එක් පාර්ශවයන්ගේ දුෂ්ඨ චේතනාවන් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලාංකා ක්‍රිකට් සහ ක්‍රිකට් ක්‍රීඩාව අනතුරේ දැමීමට සහ අස්ථාවර කිරීමට කිසියම් වැඩපිළිවෙළක් මේ වන විට කියාත්මක ‌වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි විශ්වාසය පළ කර සිටින අතරම එවැනි පුද්ගලයින්ගේ ප්‍රකාශ තුලින් ශ්‍රී ලාංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අතර නොසන්සුන්තාවක් සහ හෝ ද්වේශයක් ඇතිකරවීමට කටයුතු කරනවා පමණක් නොව මෙවැනි පදනම් විරහිත අසත්‍ය කරුණු සහ චෝදනා මඟින් ගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු මැති ඇමැතිවරුන් සහ ආණ්ඩුව විසින් සිදුකරගෙන යනු ලබන වැඩපිළිවෙළද නොමඟ යැවීමක්ද සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සිය විශ්වාසය පළ කර සිටියි.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්