නවතම පුවත්

ඇමෙරිකාවේ උද්ධමනයත් ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර 15කට ආසන්න කාලයකට පසු පළමුවරට වැඩිම අගයකින් සිය බැංකු පොළී අනුපාත ඉහළ නැංවීමට, ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව කටයුතු කර තිබෙනවා. ඒ, ඉහළ යන උද්ධමනය පාලනය කිරීමේ අරමුණින්.

අමෙරිකානු මහ බැංකුව මෙවර බැංකු පොළිය ඉහළ දමා ඇත්තේ සියයට බිංදුවයි දශම 7 කින්. ඉහළ යන උද්ධමනය පාලනය නොකළහොත් අහිතකර ප්‍රතිපළ ඇතිවිය හැකි බවට අමෙරිකානු ආර්ථික විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබූ පසුබිමකයි මෙලෙස සිය බැංකු පොළී අනුපාත ඉහළ නංවා ඇත්තේ.

අමෙරිකානු රජය පවසන්නේ ඉල්ලුම මන්දගාමී කිරීම, උද්ධමනයේ පීඩනය ලිහිල් කිරීම හා ආර්ථිකයේ දිගුකාලීන හානිය වළක්වා ගැනීම මෙහි අරමුණවූ බවයි. උද්ධමනය පාලනය කිරීමට වේදනා රහිත ක්‍රමවේදයක් තිබුණා නම් වඩා යෝග්‍ය නමුත් එවන් ක්‍රමවේදයක් නොමැති බව අමෙරිකානු රජයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා. අමෙරිකාවේ මේ වන විට වාර්තා වන්නේ වසර 40 කට පසු එරට ඉහළම උද්ධමන අගයයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව විශාල ආර්ථිකයන්ට හිමිකම් කියන ජපානය සහ චීනය ද උද්ධමනය සලකා බැංකු පොළී අනුපාත ඉහළ නංවා ඇති බවයි. බි්‍රතාන්‍යය ද අඛණ්ඩව 7 වන වරටත් බැංකු පොළී අනුපාතය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඉන්දුනීසියාව සහ පිලිපීනය ද බැංකු පොළී අනුපාතය ඉහළ නැංවීමට සූදානම්වන තවත් රටවල් දෙකක්.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?