නවතම පුවත්

රුසියාව , අමතර භට පිරිස් කැඳවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්‍රේනයට එරෙහි යුද්ධය සඳහා අතිරේක හමුදා බට කැඳවීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගෙන ඇති තීරණය හේතුවෙන් එරට තුළ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, ජනතාව දහස් ගණනින් වීථි බැස එම තීරණයට විරෝධය පළ කිරීමත් සමඟයි.

එරට ජනතාව ප්‍රධාන නගර රැසක විරෝධතා ක්‍රියාත්මකයි. විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණේ විරෝධතාවයේ නිරතවූ 1,300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව මෙවැනි නියෝගයක් එරට පාලකයෙක් ලබාදී ඇත්තේ පළමුවරට බව විදෙස් මාධ්‍යන්හි සඳහන්.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ රුසියානු හමුදාවට බලහත්කාරයෙන් සාමාජිකයින් එක්කර ගැනීමට මෙමඟින් සූදානම් වන බවයි. එමෙන්ම හමුදා අත්දැකීම් සහිත ස්වේච්ඡා භටයින් ලක්ෂ 03 ක් නැවත හමුදා සේවයට කැඳවා හමුදා බලඇණි ශක්තිමත් කිරීමට තීරණය කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

මෙවන් තත්ත්වයක් තුළ මේ වන විටත් රුසියානුවන් බොහෝ පිරිසක් සිය රට අත්හැරයාමේ සූදානමින් පසුවනවා. රුසියාවෙන් පිටවන ගුවන් ගමන් සඳහා මේ වන විට ඇත්තේ ඉහළ ඉල්ලුමක්. රුසියානු දේශසීමා අසලද දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගූගල් හරහා ද එරට වැසියන් මේ වන විට වැඩි වශයෙන් සොයන්නේ රුසියාවෙන් පිටව යන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්