එංගලන්තයේ ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අද වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් අවලංගු කර තිබේ.
ඒ අධිකරණය නඩු විභාගයකින් ද තොරවයි.
එංගලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම මත රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා ඔස්සේ මෙම වරෙන්තුව අවලංගු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පැවැසීය.
2018 වසරේ පෙබරවාරි 04 වැනි දා ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දෙමළ විරෝධතාකරුවන් දෙසට ‘අතින් කරන ලද සංඥාවක්’ හේතුවෙන් මහජන සාමය කඩවී යැයි බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව එරට රජය විසින් නීතිමය පියවර ගැනීමට පටන් ගත්තේ ය.
ඔහු එංගලන්තයෙන් පිටුවහල් කරන මුල දී ඉල්ලා සිටි එංගලන්ත රජය ඔහුගේ රාජ්‍යතාන්ත‍්‍රික බලය අවලංගු කරන ලෙස ද මෙරට රජයට දන්වා සිටියේ ය. ඔහුට එරෙහිව චෝදනා 2ක් යටතේ නඩු ගොනු කෙරුණු අතර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද නිකුත් කිරීමට ලන්ඩනයේ අධිකරණයක් නියෝග ඛර තිබුණි.
පසුව ඔහු ලංකාව කැ
දවූ අතර ඔහු වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට එරෙහිව සමාජය තුළ දැඩි කතාබහක් මතුවිණ.
ශ‍්‍රී ලංකාවේ එංගලන්ත තානාපතිවරයා සාකච්ඡුාවක් පවත්වා තිබූ අතර පසුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කරන ලද්දේ නඩු විභාගයකින් ද තොරවයි.
අද පැවැති නඩු විභාගය සදහා පළමු වතාවට බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු ලන්ඩන් අධිකරණය හමුවට ගොස් තිබුණි.
නඩුවේ නීතිමය ව්‍යාකූලතාව හේතුවෙන් මාර්තු 01 වැනිදාට කල්තැබුණු අතර එහිදී බි‍්‍රගේඩියර්වරයාගේ රාජ්‍යතාන්ත‍්‍රික බලපත් පිළිබ
ද පැහැදිලි තීන්දුවක් ලබාදීමට අපේක්ෂිතය.
ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි