ආහාර කිහිපයක ආනයනික බදු ඉහළට

Picture of අසංක

අසංක

අර්තාපල් හා බඩ ඉරිඟුවල ආනයනික බද්ද ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක බද්ද රුපියල් 20 සිට 50 දක්වා ඉහල නැංවීමට කටයුතු යොදා ඇති අතර ආනයනික බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 10කින් ඉහල නංවා ඇත.

ජනාධිපතිවරයාගේ නිර්දේශය හා කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ අනුමැතිය මත මෙම තීරණය ක්‍රියාත්මක කෙරේ.

පැතුම් වික්‍රමරත්න