ලිපි ලක්ෂ 06 බෙදාහැරීම ඇරඹෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබෙන ලක්ෂ හයකට අධික ලිපි තොගය අද (23) උදෑසන සිට බෙදාහැරීමට කටයුතු තැපැල්පති රන්ජිත් ආරියරත්න මහතා සඳහන් කර සිටී .

තැපැල් සේවකයින් පෙරේදා මාධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර තිබූ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මේ වනවිට අවසන්ව ඇති බවත් ඒ අනුව ලිපි ප්‍රමාදය හැකි ඉක්මනින්න් මගහරවා ගෙන ලිපි බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය තත්වයට ගෙන එන බවත් තැපැල්පතිවරයා මාධ්‍ය වෙත පැවසීය .

තැපැල් වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා, දිවයින පුරා තැපැල් සේවකයින් 26,000 කට ආසන්න පිරිසක් එක්ව සිටි බව ය.ය.

තැපැල් සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණේ, බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවලට මීට පෙර පොරොන්දු වූ විසඳුම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.