‘දරුවා මැරුවේ මමයි’ – සාලියවැව අම්මා අන්තිමේදී කියයි

Picture of අසංක

අසංක

සාලියවැව ප‍්‍රදේශයේ මව සමග සිටියදී අතුරුදන්වූ සිව් හැවිරිදි දියණිය තමන් විසින් ඝාතනය කොට කලාඔයට දැමූ බව එම මව පොලීසියට පවසා තිබේ.

දින 5ක පමණ සිට මෙම දරුවා අතුරුදන් ය.

දරුවාගේ මව පවසා ඇත්තේ ගෙල මිරිකා දරුවා ඝාතනය කොට කලාඔයට දැමූ බවයි.

ඇය මීට පෙර ද දරුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විවිධ ප‍්‍රකාශ නිකුත් කොට තිබුණි.

තමාට වරින් වර ආරූඪ වන බවට පෙන්වීමට ඇය නිතර උත්සහ ගන්නා බවක් පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.

ඇය මෙම ඝාතනය ද ආරූඪයෙන් සිදුකළ බවට පෙන්වීමට උත්සහ දරන බව පොලිස් පොලිසිය පවසයි.

දරුවාගේ මළසිරුර සොයා මෙතෙක් ප‍්‍රදේශය පුරා මෙන්ම කලාඔයේ උඩ කොටසෙහි ද මෙහෙයුම් දියත් කෙරිණ.

මවේග පාපෝච්ඡාරණයෙන් පසුව දරුවා සොයා කලා ඔයේ පහළ කොටසේ මෙහෙයුම් සිදුකිරීම ආරම්භ කර ඇත.

රත්නපුර බලංගොඩ ප‍්‍රදේශයේදී පසුගිය වසරේදී වයස අවුරුදු 12ක් පමණ ඇති පිරිමි දරුවකු අතුරුදන් වූ අතර මෙතෙක් ඔහු සොයාගැනීමට හැකිවී නැත.

ගයාන් කුමාර වීරසිංහ