අද කොළඹ යන්න කලින් මේ ගැනත් දැනගන්න

Picture of අසංක

අසංක

නිදහස් දින සැමරුම් පෙරහුරුව හේතුවෙන් අද (03) දින විශේෂ රථ වාහන සැලැස්මඋදෑසන 6.30 සිට දහවල් 12.30 දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව අද උදෑසන 06.30 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ කොල්ලුපිටිය හංදියේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා ඇති මාර්ගය වසා තැබෙන බව පොලිසිය සඳහන් කර සිටී..

එසේම නිදහස් දින උළෙල පැවැත්වෙන හෙට දිනයේද, උදැසන 5.00 සිට එම මාර්ගය වසා තැබෙන අතර එම වේලාවන් තුළ විකල්ප මාර්ග භාවිත කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කොල්ලුපිටිය දෙසින් කොළඹට අතුල්වන රථවාහන සඳහා කොල්ලුපිටිය හංදියෙන් දකුණට හරවා ගමන් කිරීමට හැකි අතර, කොළඹින් පිටවන රථවාහන ඕල්කට් මාවත, පංචිකාවත්ත හරහා මරදාන දෙසින් ගමන් කළ හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .

පැතුම් වික්‍රමරත්න