සිරකරුවන් පිරිසක් හෙට නිදහස් – ඥානසාර හිමිට නිදහස ලැබේවිද?

Picture of අසංක

අසංක

හෙට දිනයේදී සිරකරුවන් 545 දෙනකුට ජනපති පොදු සමාව ලබාදීමට ජනාධිපතිවරයා නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

ඒ හෙට දිනයට යෙදෙන ශ‍්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දින සමරුව වෙනුවෙනි.

සෑම වසරකම සිර දඩුවම් ලබා සිරගත කර සිටින පිරිසකට ජනපති පොදු සමාව ලබාදී නිදහස් කෙරෙන අතර මෙහිදී බන්ධනාගාරය තුළ සිරකරුවන්ගේ කි‍්‍රයාකලාපිය පිළිබද වැඩි අවධානයක් යොමාු කෙරේ.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද මේ වනවිට බන්ධනාගාරගත කර සිටියි.

ඒ වසර 6ක සිර දඩුවමක් උදෙසායි.

උන්වහ්නසේට ජනපති සමාව ලබාදෙන ලෙස භික්ෂූන් වහන්සේලා ඇතුළු බොහෝ පාර්ශ්වවලින් ඉල්ලීම් සිදුකරනු පසුගිය කාලයේදී දැකගත හැකි විය.

පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ද මීට පෙර පවසා තිබුණේ ඒ පිළිබද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවත් එහෙත් එය තහවුරු කළ නොහැකි බවත්ය.

ඥානසාර හිමිට ජනපති පොදු සමාව නොලැබේවා යැයි දෙවියන්ගෙන් ඉල්ලා සිටිමින් හා ඊට සහය දක්වන සියල්ලන්ට සිය විරෝධය දක්වමින් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය දේවාලවල පොල් ගසමින් කන්නලව් කරනු ද පසුගිය දිනවල දක්නට හැකිවිය.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි