ළමා අපචාර ලිපිගොනු 12000ක් නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩගැහිලා

Picture of අසංක

අසංක

ළමා අපචාර විමර්ශන සම්බන්ධයෙන් ලිපිගොනු 12000කට අධික සංඛ්‍යාවක් නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇතැයි වාර්තා වේ.

2005 සිට මේ දක්වා නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා යොමුකරන ලද ඒවා බවත් මෙලෙස ගොඩගැසීම නිසා ඉදිරි කටයුතු කරගත නොහැකිව ආරංචි මාර්ග පැවැසීය.

කෙසේවෙතත් මෙම ලිපිගොනුවලට අදාළ ඉදිරි කටයුතු ඉක්මණින් කිරීමට මේ වනවිටත් පොලිස් මූලස්ථානයේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඒ නීතිපති දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධවයි.

එම ලිපිගොනුවලින් ඇතැම් නඩුවල අගතියට පත්වූවන් මේ වනවිට යහපත් පවුල් ජීවිත ගතකරන බවට වාර්තා වී ඇත.

එබැවින් ඔවුන්ට යළිත් එම සිද්ධීන් හේතුවෙන් පෞද්ගලිකත්වයට බාධා නොවන පරිදි කටයුතු කිරීමට පැමිණිලිකරුවන් සමග කතා කොට නඩු අවසන් කිරීමට ද වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.