අතුල් කේෂාප් ට නව තනතුරක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ හිටපු එක්සත් ජනපද තානාපති අතුල් කේෂාප් මහතා එරට නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයකු ලෙස පත් කර තිබේ. ඒ අනුව ඒ මහතා නැගෙනහිර ආසියානු හා පැසිෆික් කටයුතු ඇමරිකානු ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ලෙස වැඩ භාරගෙන ඇත.

ඇමරිකානු තානාපතිවරයකු ලෙස වසර 25 ක වෘත්තීය ජීවිතය තුළ කේෂප් මහතා ඉන්දියාව, මොරොක්කෝව සහ ගිනියාව යන රටවල සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ලෙස සේවය කර ඇත. ඔහු දකුණු ආසියාවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ලෙසත්, ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද ජ්‍යෙෂ්ට නිලධාරියා ලෙසත්, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහ ජාත්‍යන්තර සංවිධාන කටයුතු කාර්යාංශයේ කාර්යාල අධ්‍යක්ෂවරයෙකු ලෙසත් සේවය කර ඇත.