නවතම පුවත්

බීමත් රියදුරන්ගෙන් මිලියන 142ක් පොලීසියට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකළ මෙහෙයුම්වලදී අද (27දා) පෙරවරු 6.00න් අවසන් වූ දින 22ක කාලය තුළ බීමත් රියදුරන් 5705ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ අනුව අවම වශයෙන් එක් අයෙකුට රුපියල් 25000ක දඩයක් පැනවීම හරහා රුපියල් මිලියන 142.6ක දඬමුදලක් අයවෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඊයේ (26දා) පෙරවරු 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා පැය 24ක කාලය තුළ අත්අඩංගුවට පත් බීමත් රියදුරන් සංඛ්‍යාව 208ක් බවද ඔහු ප්‍රකාශ කළේය.

ජුලි 5 දා ආරම්භ කළ මෙම මෙහෙයුම අගෝස්තු 5 දා තෙක් ක්‍රියාත්මක බවත් ඔහු ප්‍රකාශ කරයි.

බිමත්ව රිය පදවා වැරදිකරු වීම

සාමාන්‍ය වාහන

රුපියල් 25000-30000ක දඬයක්, මාස තුනක සිර දඬුවමක් හෝ එම දෙකම

රියදුරු බලපත්‍රය වසරකට අත්හිටුවයි.

මගී ප්‍රවාහන වාහන

රුපියල් 25000-30000 දඬයක්, මාස 6කට නොවැඩි සිර දැඩුවමක් හෝ එම දෙකම

රියදුරු බලපත්‍රය ස්ථිරව අවලංගු කරයි.

බීමත්ව රිය පදවා අනතුරක් කළ විට රුපියල් 100000 – 150000ක් දඬයක්, අවුරුදු 2-10ත් සිර දඬුවමක් හෝ එම දෙකම.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්