වසර 3 හමාරකට පසුව ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සර තුන හමාරකට පසුව ශ්‍රී ලංකාව තුලදී එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල අද (28) සමත් වුනා. ඒ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගනිමින්. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ලංකාවේදී එක්දින තරගාවලියක් ජයග්‍රණය කරනු ලැබුවේ 2015 වර්ෂයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

අද පැවති දෙවන එක්දින තරගයේදී මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 238ක් රැස් කර ගනු ලැබුවා. එහිදී මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 98ක් සහ මෙහෙඩි හසන් ලකුණු 43ක් රැස් කර ගනු ලැබුවා.

ජයග්‍රාහි ලකුණු 239ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දු ඕවර 44.4ක් තුලදී කඩුලු 3ක් දැවී සිය ඉලක්කය පසුකර යාමට සමත්වුනා. එහිදී ආරම්භ පිතිකරු ලෙස පිටියට පැමිණි අවිශ්ක ප්‍රනාන්දු පන්දු 75ක් තුලදී වේගවත් ලකුණු 82ක් රැස් කරනු ලැබුවා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 15කට දැවී ගියා.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 30ක් රැස් කළා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 41ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා. බංග්ලාදේශය වෙනුවෙන් මුස්ටෆිසුර් රෙහෙමාන් ලකුණු 50 කට කඩුලු 02ක් දවා ගනු ලැබුවා.

තරගයේ විරයා සම්මානය ලකුණු 82ක් රැස් කර ගත් අවිශ්ක ප්‍රනාන්දු දිනා ගනු ලැබුවා.