පදියතලාව ප්‍රා. සභාපති අද අත්අඩංගුවට – ඇප පිට එළියට

Picture of අසංක

අසංක

පදියතලාව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ එහි සේවකයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පදියතලාව ප්‍රාදේශීය සභාවේ සිදුවූ ගැටුමක් අතරතුර පුද්ගලයකුට පහරදීමක් සම්බන්ධයෙනි.

ඊයේ ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා මහඔය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

අද දින අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබේ.