අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්ගෙන් පසු එහි උරුමක්කාරයා වන හම්සා බින් ලාඩන් මියගිය බව අමෙරිකානු බුද්ධි අංශ විශ්වාසය පළකරයි.
30 හැවිරිදි පමණ වන හම්සා ලොව අන්තවාදීම බිහිසුණුතම තනතුර වන අල්කයිඩා ප්‍රධානී තනතුරට උරුමකම් කියමින් ‘ත්‍රස්ත රොක් තරුව’ ලෙසින් ද නම් ලැබූ මියගිය ඔසාමාගේ පුත්‍රයා බව කියැවේ.
මොහු අල්ලා ගන්නා අයකුට ඩොලර් මිලියනයක මුදලක් ප්‍රදානය කරන බවට අමෙරිකානු රජය පෙබරවාරියේ තීරණය කර තිබුණි.
ඒ අනුව මෙම ත්‍යාග මුදල ද වෙන්කොට ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් මෙම පුවත අමෙරිකානු රජයේ තවත් නාටකයක් ද නැතිනම් සත්‍යයක් ද යන්න සැකසහිත බව ඇතැම් මාධ්‍ය වාර්තා කර සිටියි.
