ජනතාවට අමාරු නිවැරදි අපේක්ෂකයා තෝරා ගැනීම උවද දේශපාලන පක්ෂවලට අමාරුවන්නේ අපේක්ෂකයන් තෝරා ගැනීමය.
පසුගියදා මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් සුපිරි හෝටලයක දේශපාලන ආගිය කතා කතා කරමින් සිටියේය. ඒ වනවිට දේශපාලන කතාව ඇදී ආවේ සන්ධානයක් හා සුළු දේශපාලන පක්ෂ අතර සන්ධාන ගතවීම හා අවබෝධතා ගිවිසුම් ඇතිකරගන්නා ආකාරයයි.
පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂක ලැයිස්තු හදන්න ගිහිං සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රිතුමා පපුව අමාරුව හැදිලා නවලෝකේ නැවැත්තුවා මතකනේ යැයි එක් මන්ත්‍රිවරයෙක් කීවේය.
ඔව් ඔව් ඒ සිද්ධිය වුණේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රිතුමා ගම්පහ අපෙක්ෂක ලැයිස්තුවට තමන්ගෙ අය ඉන්නම ඔන කියලා සටන් කරන්න ගිහිල්ලා නේ යැයි තවකෙක් කීහ.
පපුව අමාරුව හැදුන එකේ වාසිය ගිය සනත් නිශාන්තට එතන හිටියෙ සනත් නිශාන්ත නිසා මිනිහට අත්සන් කරන්න ලැබුණා යැයි මන්ත්‍රිවරයෙක් කීවේය.
ඔය මධ්‍ය පළාතේ ආණ්ඩුකාරවරියක් වෙලා හිටපු අර සාත්තර කියන නිලුකා ඒකනායකට කියලා අපෙක්ෂකධූරයක ඉඩක් තියාගෙන හිටියා. ඒයා අන්තිම මොහොත ඉල්ලන්න බැහැ කියලා කිව්වා. ඒකයි ඔය ප්‍රශ්නෙ ඇතිවුණේ කතාව අසා සිටි මන්ත්‍රිවරයා කීවේය.
ඔක නෙමෙයි හොදම කතාව ඊට කලින් පාරක සුසිල් වගේ ලේකම්ම නේ මේකට අහුවෙන්නෙ. මෛත්‍රිපාල සිරිසේන තමයි ඒ වෙලාවේ පක්ෂෙ අපේක්ෂක ලැයිස්තුව හැදුවේ. රතන හාමුදුරුවො ඇවිත් ඉල්ලීම් කිහිපයක් කරන්න ගත්තා. මෛත්‍රි ළග තිබ්බ වීදුරුව පොළොවෙ ගහලා රතන හාමුදුරුවො පිටිපස්සෙ එලවන්න ගත්තා. රතන හාමුදුරුවොත් පස්ස නොබලා දුවන්න වුණා. ඒ වගේ රස කතා අපේක්ෂකවරු දානවෙලාවට වෙනවා යැයි මන්ත්‍රිවරයා පැහැදිලි කළේය.
මේ කතාබහ අවසන් වුයේ දැන් ඊළගපාර මහ මැතිවරණයේදී මොනවයින් මොනවා වේවිද දන්නෙ නෑ. හැබැයි මේ වගේ රස කතා ගොඩක් වෙන්න පුළුවන් යැයි කියැමිනි.
නවතම පුවත්
රටේ ණය බර තවත් ඉහළට !
2023 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් නොපිය වූ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 28,695.95...
06 May 2024
මේ උණුසුම අවදානම් !
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (06) දිනයේදී “දැඩි අවධානය” යොමුකළ යුතු මට්ටමක් දක්වා...
06 May 2024
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 77.50 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව...
24 April 2024
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු...
24 April 2024
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහ ජනාධිපති...
24 April 2024
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා...
22 April 2024
වතුකරයේ හර්තාල් !
වතුකරය පුරා වතු කම්කරුවන් කළු කොඩි ප්‍රදර්ශනය කර කළු පටි පැළද වැඩ වර්ජනයක නියැලෙමින් ප්‍රධාන නගර වලට...
22 April 2024
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
.
සියලු පෝෂණ ගුණ සහිත ඖෂධයක් හා ආහාරයක් ලෙස අද මුළු ලෝකයම පිළිගෙන තිබෙන, බොහෝ රටවල මන්දපෝෂණය දුරන්...
22 April 2024
No posts found