නවතම පුවත්

05 වැනිදා සන්ධානය පැරණි වයසක ජෝඩුව නෛතිකව විවාහ කිරීමක් – ඩලස් අලහප්පෙරුම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දැන් දරුවො ඉන්නවා. ඒ දරුවන්ගෙත් දරුවො ඉන්නවා හැබැයි නිත්‍යානුකූලව විවාහ වෙලා නෑ. ඉතිං අර දරුවන්ගෙ උප්පැන්න සහතිකයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනුවෙන් ප්‍රාදේශිය කාර්යාල මට්ටමෙන් මැදිහත්වීමක් කරලා ඒ පැරණි වයසක නිල වශයෙන් නෛතිව විවාහ නොවු ජෝඩු විවාහ කරනවා. ඇත්තටම මේ 05 වැනිදා සන්ධානයත් මට පේන්නෙ ඒහෙම යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව අදහස් පලකරමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේය.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
දැනට පාර්ලිමේන්තුවේ ආණ්ඩුව ඇතුලෙ ඉන්න පක්ෂම ජනවාරි 08 වැනිදා හංසයා ලකුණට එකුවෙච්ච පක්ෂවලින් කණ්ඩායමක් නැතිව ඉතුරු කණ්ඩායම නිල සන්ධානයකට එළැඹීම , නිල සන්ධානයක් නෑනේ. නිල සන්ධානයකට එළැඹීමක් තියෙන්නෙ. මේක අලුත් දෙයක් නෙමෙයි. අර සමහර ම්වල ප්‍රාදේශිය ලේකම්වරු කරනවා අර විවාහ නොවු පැරණි නැත්නම් වයසක ජෝඩු විවාහ කරවනවා.
ඔබේ මාධ්‍යවලත් ඒ ප්‍රවෘත්ති පල කරලා තියෙනවා. දැන් දරුවො ඉන්නවා. ඒ දරුවන්ගෙත් දරුවො ඉන්නවා හැබැයි නිත්‍යානුකූලව විවාහ වෙලා නෑ. ඉතිං අර දරුවන්ගෙ උප්පැන්න සහතිකයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වෙනුවෙන් ප්‍රාදේශිය කාර්යාල මට්ටමෙන් මැදිහත්වීමක් කරලා ඒ පැරණි වයසක නිල වශයෙන් නෛතිව විවාහ නොවු ජෝඩු විවාහ කරනවා.
ඇත්තටම මේ 05 වැනිදා සන්ධානයත් මට පේන්නෙ ඒහෙමයි. අර උප්පැන්න සහතිකයක් දෙනවා විවාහ වෙලා ඉන්න කණ්ඩායමට, මේ සියල්ලම එකට ඉදගෙන පහුගිය 2018 පෙබරවාරි 10 වැනිදා එකට තරග කරලා ඡන්ද කීයද ඔක්කොම ගත්තෙ. ? ලක්ෂ 36 ගත්තෙ. මෙයට වඩා මේ කණ්ඩායම ජනප්‍රිය පෙබරවාරි 10 වැනිදා ගත්තෙ ලක්ෂ 34යි. මේ සන්ධානය දිහා ගණිතමය ඇහැකින් බැලුවම පෙනෙන්නට තියෙන්නෙ මෙන්න මේකයැයි හෙතම සදහන් කළේය.
සම්පුර්ණ කතාවේ වීඩියෝව පහතින් දැක්වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්