ඉතාලියේ ලාංකික පියකු දියණියටත් වෙඩිතබා සියදිවි නසාගැනීමට තැත්කරලා

Picture of අසංක

අසංක

ඉතාලියේ පාදුවාහි ටියොලෝ ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකික පියකු විසින් තම දියණියට වෙඩි තබා තමා ද සිය දිවි හානිකරගැනීමට තැත් කර තිබේ.

එරට වාර්තා පැවසුවේ කැරබිනේරි පොලීසිය වහාම පැමිණ දෙදෙනාගේම දිවි ගලවාගැනීමට සමත්ව ඇති නමුත් පියාගේ තත්ත්වය බරපතළ බවයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ 46 හැවිරිදි පියා සහ 26 හැවිරිදි දියණියයි.

පියා විසින් රයිෆලයකින් දියණියට වෙඩි තබා තමා ද වෙඩි තබාගැනීමට තැත් කර තිබේ.

තමාට වෙඩි තබාගැනීම අසාර්ථක වූ බැවින් ඔහු ගෙල වැළලාගැනීමට තැත්කිරීමේදී පොලිස් නිලධාරීන්ට ඔවුන් බේරාගත හැකිව ඇත.

අනතුරට පත්වූවන් දෙදෙනාගේ නම් හෙළි වී නොමැති අතර මේ සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.