කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රිඩා විද්‍යා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, එම්.කේ.ඒ අනෝමා රත්නායක මහත්මිය the Colombo express වෙත ලියු ලිපියකි.
වර්තමානයේ ශ්‍රි ලංකාව තුළ කතා බහට මාතෘකාවන කේෂ්ත්‍රයන් අතර ක්‍රීඩා කේෂත්‍රයට සුවිශේෂී අවධානයක් යොමුව තිබීම ජනප්‍රිය ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමට භාවිතා ක හැකි සංකල්පයක් ලෙස ද දැක්විය හැකිය.
ඇතැම් ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ ස්වත්සාහයෙන් තම හැකියාවන් වර්ධනය කරගනිමින් ඒ මගින් ජාතික සහ ජාත්‍යන්තර කීර්තිය ලබා ගැනීමට උත්සාහ වන අතර බොහොමයක් ක්‍රිඩා සම්මේලනයන් ජත්‍යන්තර ක්‍රිඩා තරග සහභාගීත්වයට අවශ්‍ය කාරණාවන් සම්බන්ධයෙන් තම මුලික අවධානය යොමු කරයි.
මේ අතරවාරයේ ඇතැම් අය තම හැකියාවන්ට නිසි ඇගයීම් අපේක්ෂාවෙන් සිටී.බොහෝ පිරිස් දක්ෂතාවන් තිබියදී ජාතික කණ්ඩායම් නියෝජනය අහිමිවීම සහ ජාතික කණ්ඩායම් නියෝජන සිහින දකිමින් සිටින අතර තවත් පිරිස් විදේශ සංචාර සදහා සහභාගිවීමට අපේක්ෂාවෙන් ක්‍රීඩාවෙහි නියැලෙනි.
ඉහතින් සදහන් කරන ලද සියලු අවශ්‍යතාවන් වෙත නිවැරදි විසදුම් සහ නිවැරදි තීරණ ලබා දීමට අත්‍යවශ්‍යවන සාධකයක් වනුවේ ක්‍රීඩා කළමණාකරණය පිළිබද නිවැරදි භාවිතාවන්ය. මේ සදහා ක්‍රිඩා කළමනාකරණ න්‍යායාත්මක අවබෝධය සහ එහි ප්‍රායෝගික භාවිතයන් පිළිබද මහා දැනුමක් තිබීම ද වැදගත්වේ.මෙය ඔනෑම ක්‍රිඩා පරිපාලන නිලධාරියෙකු පුරුදු පුහුණු කළ යුතු කුසලතාවයකි.
ඔනෑම ක්‍රිඩා ආයතනයක, ක්‍රිඩා සම්මේලනයක අවසාන ඉලක්කය සපුරා ගැනීම සදහා එකමුතුව කටයුතු කිරීමට එම ආයතනයේ හෝ සම්මේලනයෙහි පිරිසට හැකියාව තිබිය යුතුය. ක්‍රිඩා කළමනාකරණය යනු එයයි.
ක්‍රිඩා කළමනාකරණ න්‍යායාත්මක අවබෝධය පහසුවෙන් ලබාගත හැකිවුවද කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේදී ඒක පුද්ගල ආකල්ප සහ අරමුණු සමස්ත ආයතනයේ දියුණුව සදහා යොදා ගැනීමට අවශ්‍යවන පරිදි සකසා ගැනීම භාරදුර කර්තව්‍යයකි.
මෙවැනි පරිසරයක් නිසාවෙන් ශ්‍රි ලංකාවේ බොහෝ ජාතික සම්මේලනයන් තුළ බහුලව දක්නට ලැබෙනුයේ අවිධිමත් ක්‍රිඩා කළමනාකරණ ක්‍රමවේදයන්ය. මෙහි අනිසි ප්‍රතිඵලයන් ක්‍රිඩක ක්‍රිඩිකාවන් පමණක් නොව ක්‍රිඩා පාර්ශවකරුවන් මෙන්ම ක්‍රිඩා ප්‍රේක්ෂකයන් ද අත්විදිමින් සිටියි.
ලොව ක්‍රිඩාව මගින් දියුණු සහ නොදියුණු බොහෝ රටවල කෙටි කාලීන සහ දිගු කාලීන ජාතික ක්‍රිඩා සංවර්ධන සැලසුම් වලට අනුගත වෙමින් ක්‍රිඩාවෙහි දියුණුව වෙනුවෙන් කටයුතු කරමින් එහි නිවැරදි ප්‍රතිඵලයන් භුක්ති විදින අතර ශ්‍රි ලංකාව මෙැවිනි සැලසුම් හුදෙක් සටහනකට පමණක් සීමා කරමින් ක්‍රිඩාවෙන් ඉහළ ප්‍රතිඵලයන් අපේක්ෂාවෙන් සිහින දකිමින් ක්‍රිඩාවේ සංවර්ධනය පිළිබද කතාබහ කරති.
ක්‍රිඩාව අනුව ක්‍රිඩා සම්මේලනයේ අරමුණු අනුව ක්‍රිඩාවෙහි භාවිතාවන් වෙනස් වුවද ක්‍රිඩාවෙහි පැවැත්මට උපකාරීවන කෙටි කාලීන සහ දිගු කාලීන ජාතික ක්‍රීඩා සැලැස්මකට අනුකූලව ක්‍රිඩාවේ පරිපාලනයවන්නේ නම් ශ්‍රි ලංකාවේ ක්‍රිඩා කේෂ්ත්‍රය සදහා නිවැරදි කළමනාකරණ ප්‍රවේශයක් පවතීයැයි අවබෝධ කර ගත හැකිය.
කෙසේ වුවද ක්‍රීඩා පරිපාලනය ක්‍රීඩා කළමනාකරණය පිළිබද අධ්‍යයනය කිරීමේදී පැහැදිලිවන කාරණයක් වන්නේ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තීරණයන් ක්‍රියාවට නැංවීමට ජාතික ක්‍රිඩා සම්මේලනයක් ශ්‍රි ලංකාවට අවශයවේද යන්නයි.මන්ද බහුතරයක් ජාතික සම්මේලන හරහා සිදුවන්නේ ඔවුනොවුන්ට අභිමතවු අවශ්‍යතාවන් සදහා සමස්ත ක්‍රිඩාව මෙහෙයවීමකි. මෙවැනි පරිසරයක් තුළින් ජාත්‍යන්තර ජයග්‍රහළණ වෙත යොමු විය හැකිද ? ක්‍රිඩාව සදහාවන ප්‍රේක්ෂකයන් ගත හැකිද යන්නයි. ක්‍රිඩාව සදහා අනුග්‍රාහකත්වය ලබා ගත හැකිද යන කාරණාවන්ය.
එබැවින් මෙකී කාරණාවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට සුදුසු කාලය පැමිණ ඇත.
විශේෂයෙන් නිවැරදි ක්‍රිඩා කළමනාකරණයක් නොමැතිවීම නිසා රටෙහි මුලික ක්‍රිඩා සංවර්ධන ඉලක්කයන් නිවැරදිව හදුනාගැනීමට පවා ලාංකේය ක්‍රිඩා පරිපාලනයන් අපොහොසත්වී ඇත. ක්‍රිඩා සැලසුම්, ක්‍රිඩා ප්‍රතිපත්ති හුදු සංකල්පයන්ට පමණක් සීමා වී ඇත. ඇතැම් සංකල්පයන් අවභාවිතයට ලක් වෙමින් පවතිනු දැකගත හැකිය.
එබැවින් ප්‍රායෝගික භාවිතාවෙන් යුතු ලාංකීය ක්‍රිඩා අවශ්‍යතාවන්ට අනුකූලව සකස් කරන ලද ජාතික ක්‍රීඩා සංවර්ධන ප්‍රතිපත්තියක් විධිමත් ලෙස සකස් කර ගැනීම මගින් ලාංකීය ක්‍රිඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට සහ පෞද්ගලික න්‍යාය පත්‍රයන් ඉවත් කර දැමීමටත් මෙමගින් හැකිවනු ඇත.
නිවැරදි ක්‍රිඩා කළමනාකරණය යකු පුද්ගලයන් දේශපාලන පක්ෂ අනුව හෝ නායකත්වය මත පරිපාලනය හෝ ක්‍රීඩා පද්ධතිය (sport system) වෙනස් කිරීම හෝ වෙනස් වීම නොවේ. කුමන පාර්ශවයක් සම්බන්ධයෙන් වුවද කාලීන වශයෙන් ඇතැම් වෙනස්කම් සිදු කළද ක්‍රිඩා පද්ධතිය වෙනස් කිරීම නොවේ. පවතින ක්‍රිඩා පද්ධතියෙහි කාර්යක්ෂමතාව වැඩි කිරීමට සහ පවතින ආකාරයන් පිළිබද අධ්‍යයනයන් සිදු කරමින් එහි ගැටලු හදුනාගනිමින් විවේචනයන් සිදු කිරීම නොව විධිමත් සහ නිවැරදි තීරණයන් ලබා දීමට පිරිස මෙහෙයවීමකි.
ක්‍රිඩා කළමනාකරණයෙහි නිවැරදි භාවිතාව විය යුත්තේද එයයි.
නවතම පුවත්
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 77.50 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව...
24 April 2024
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු...
24 April 2024
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහ ජනාධිපති...
24 April 2024
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා...
22 April 2024
වතුකරයේ හර්තාල් !
වතුකරය පුරා වතු කම්කරුවන් කළු කොඩි ප්‍රදර්ශනය කර කළු පටි පැළද වැඩ වර්ජනයක නියැලෙමින් ප්‍රධාන නගර වලට...
22 April 2024
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
.
සියලු පෝෂණ ගුණ සහිත ඖෂධයක් හා ආහාරයක් ලෙස අද මුළු ලෝකයම පිළිගෙන තිබෙන, බොහෝ රටවල මන්දපෝෂණය දුරන්...
22 April 2024
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් කරා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා අද...
15 April 2024
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නිරෝගීභාවය ප්‍රාර්ථනා කරමින් සිදුකරනු ලබන හිසතෙල් ගෑමේ නැකත උදාවී තිබේ.
අද...
15 April 2024
No posts found