ජම්බුගස්මුල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ කොහුවල, මිරිහාන හා බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසවල පරීක්ෂණ රහස් පොලීසිය යටතට ගැනෙනු ඇත.
ඊට මුල්වී ඇත්තේ මෙම වෙඩිතැබීමත් සමග ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කරුණු රැසක් පැවතීම බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා මෙන්ම වෙඩිතැබීම කළ ජම්බුගස්මුල්ලේ බබී නමැත්තා ද දේශපාලකයන්, පොලිස් නිලධාරීන් හා වෙනත් රාජ්‍ය නිලධාරීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අයයි.