හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ තවත් අයකුට වසර 5 බැගින් හම්බන්තොට පළාත්බද මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබේ.
ඒ හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමකට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියට අදාළවයි. සිද්ධිය වී තිබුණේ 2014 වසරේ අප්‍රේල් මාසයේදීය.
එම නඩු විභාගයේ තවත් විත්තිකරුවන් 3 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණය නියම කර තිබුණි.
