නිශ්ශංක සේනාධිපතිට හා පාලිත ප්‍රනාන්දුට වරෙන්තු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළේය.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාදීමේ සිදුවීම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.

නඩුව අද(02) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කළේය.

විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති මහතා අසනීප තත්ත්වය සිංගප්පූරුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතා ද වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවයි ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දැන්වීය.