එජාප සන්ධානය ගැන සජිත්ගෙන් කොන්දේසියක් – බැරිනම් සටනක්

Picture of අසංක

අසංක

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට අදාල ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධනයකිරීමකින් තොරව එළඹෙන 5 වැනිදා එම සන්ධානය එළි දක්වන්නේනම් එය වර්ජනය කිරීමට සජිත් ප්‍රේමදාස මහතට සහය දෙන එජාප මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.

නව සන්ධානයේ මහලේකම් එජාපයට ලබාදී එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙසද සජිත් ප්‍රේමදාස මහතා කිරීම ඔහුගේ පාර්ශවයේ ප්‍රධාන කොන්දේසි වේ.

නමුත් මෙම කොන්දේසිවලට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය මෙතෙක් එකඟත්වය පළ කර නොමැත. ඒ අනුව 5 වැනිදා පැවැත්වීමට නියමිත සන්ධාන ගතවීමේ උත්සවය පෙර සූදානම් කරගත් ආකාරයට පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇති බවද වාර්තා වේ.