ඉන්දුනිසියාවට ප්‍රභල 6.8 ක ප්‍රභල භූමිකම්පාවක් – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දුනීසියාවේ ජාවා දූපත් අසල අද දහවල් 12:03 ට රීක්ටර් මාපකයේ 6.8 ක ප්‍රභලතාවයෙන් යුතු භූමිකාවක් වාර්තා තිබෙනවා.

ඒ සම්බන්ධව සිදූවූ අනතුරු හෝ මරණ සම්බන්ධයෙන් මේවන විට තොරතුරු වාර්තා වී නොමැති අතර මේවන විට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ

ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ ඒජන්සිය පැවසුවේ බැන්ටන් වෙරළ තීරයේ පදිංචිකරුවන් “වහාම ඉහළ බිම්වලට ඉවත් විය යුතු” බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (යූඑස්ජීඑස්) කියා සිටියේ එය දිවයිනේ නිරිතදිග වෙරළට ඔබ්බෙන් පිහිටි බැන්ටෙන් පළාතේ සිට කිලෝමීටර් 151 ක් (සැතපුම් 94) කේන්ද්‍රගත වී ඇති අතර කිලෝමීටර 42.8 ක් (සැතපුම් 26.5) ගැඹුරට පහර දුන් බවයි.