ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට සේවා සැපයීම සඳහා “ක්ෂණික ඇමතුම් සේවාවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඕමාන සුල්තාන රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට වඩාත් හොඳ සේවාවන් ලබා දීම සඳහා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “ක්ෂණික ඇමතුම් සේවාවක්” දියත් කොට තිබේ. ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සමඟ සෘජු ඇමතුම් සබඳතා පවත්වා ගැනීමට සහ ඔවුන්ට වඩාත් හොඳ සේවාවක් සැපයෙන බව තහවුරු කරලීමට මෙම “ක්ෂණික ඇමතුම් සේවාව” ආරම්භ කොට ඇති බව ඕමාන සුල්තාන රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර්අජ්වාඩ් මහතා මෙම සේවාව දියත් කරන අවස්ථාවට සහභාගිවෙමින් ප්‍රකාශ කළේ ය.

 ගාස්තු රහිත දුරකථන ඇමතුම්, වට්ස් ඇප් සහ ඉමෝ පණිවුඩ මෙන්ම කෙටි පණිවුඩ වැනි විවිධාකාර සන්නිවේදන ආකාර මෙම ක්ෂණික සේවාවට ඇතුළත් වන බව තානාපති අමීර්අජ්වාඩ් මහතා තවදුරටත් ප්‍රකාශ කළේ ය. ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට ඔවුන්ගේ ශ්‍රමික කටයුතුවලට අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සෘජුවම සන්නිවේදනය කිරීමට මෙම ආකාරවලින් ඕනෑම ආකාරයක් භාවිත කළ හැකි ය. ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් හට වඩාත් යහපත් සේවාවක් සැලසීම තහවුරු කරමින් ඔවුන් විසින් නඟන ලබනු ප්‍රශ්න සඳහා මෙම තානාපති කාර්යාලය පිළිතුරු ලබා දෙනු ඇත. මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා, මෙම කර්තව්‍යයෙහිලා ඇප කැප වීමෙන් කටයුතු කරන තානාපති කාර්යාලයීය නිලධාරීන් පත් කර තිබේ.

ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට අවශ්‍ය වන පරිදි හා අවශ්‍ය වන අවස්ථාවලදී සේවාවන් ලබා දීමට තානාපති කාර්යාලයට හැකි වන පරිදි තානාපති කාර්යාලයේ ලියාපදිංචිවන ලෙස සියලුම ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් තානාපති අමීර්අජ්වාඩ් මහතා ඉල්ලීමක් ද කර තිබේ.

ශ්‍රමික කටයුතුවලට අදාළ සේවාවන් ලබා ගැනීමට මෙන් ම තානාපති කාර්යාලයේ ලියාපදිංචිවීමට පහත සඳහන් මාර්ග ඔස්සේ මස්කට් හි තානාපති කාර්යාලය සමඟ ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකටයන්ට සෘජුවම සම්බන්ධ විය හැකිය:

සඳහන් මාර්ග ඔස්සේ මස්කට් හි තානාපති කාර්යාලය සමඟ ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකටයන්ට සෘජුවම සම්බන්ධ විය හැකියි.