බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් වෙඩි තබා ඝාතනය කෙරේ

Picture of අසංක

අසංක

බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා මීට ටික වේලාවකට පෙර අම්බලන්ගොඩ දී වෙඩි තබා ඝාතනය කර තිබේ.

යතුරු පැදියකින් ආ දෙදෙනෙක් විසින් වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලීසිය පවසයි.

මෙය පාතාලයේ පිරිසක් කළ වෙඩිතැබීමක් බවට සැක පළ කෙරේ.

මෙම ජේලර්වරයා මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් කලක් වැඩ තහනමට ලක්ව සිට ටික කලකට පෙර යළි සේවයේ පිහිටවූ අයෙකි.

ඝාතනය පිටුපස සිටින පුද්ගලයන් කවුදැයි පොලීසිය විසින් සොයාගෙන ඇතැයි ද වාර්තා වේ.