ආසියාව තුළ මිසයිල පිහිටුවීමට අමෙරිකාව සැරසෙයි

Picture of අසංක

අසංක

චීනය මේ වනවිට යුධමය වශයෙන් ශක්තිමත්වී ඇති බැවින්, ආසියාව තුල ඇමෙරිකානු මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් ස්පේසර් ප්‍රකාශ කර සිටි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ස්පෙසර් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය .

කෙසේ වෙතත් මෙම නව මිසයිල ආරක්ෂණ පද්ධතිය ඉදි කරනුයේ ආසියාවේ කුමන රටේද යන්න සම්බන්ධයෙන් ස්පෙසර් මහතා මෙහිදී හෙළි නොකළේය .

” එය ඉක්මනින්ම සිදුකරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි, නමුත් ආසියානු කලාපය තුල මිසයිල පද්ධතියක් ස්ථානගත කිරීමේ අවශ්‍යතාවයක් දැන් මතුවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මම වැඩි වශයෙන් කිසිවක් පවසන්න සුදානම් නැහැ. එය සැලසුමක් අනුව ඉදිරියේදී අදාළ රටවල් සමග සාකච්ජා කර තීරණය කිරීමට නියමිතයි” අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය .