එජාප පසුපෙළ මන්ත්‍රීන් හා අගමැති අතර රහස් සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් රහස් හමුවක් අද (04) පස්වරුවේද පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

එජාපය ප්‍රමුඛව ගොඩනැගීමට යන නව සන්ධානයේ ව්‍යවස්ථාව පිළිබඳව හා එහි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව අවසන් තීන්දු තීරණයන් කිහිපයක් ගැනීම මෙම හමුවේ අරමුණ වී ඇති බවද වාර්තාවේ.

ඊයේ දිනද රාත්‍රියේ මෙවැනිම රහස් හමුවක් අගමැතිවරයා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති අතර එහිදීද කරුණු කිහිපයක් ගැනම අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවූ බව වාර්තාවේ.

මේ අතර මෙම පසුපෙළ මන්ත්‍රීවරුන්ගේද සහය ඇතිව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට නම් කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්තව පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩසටහනක් ඊයේ ආරම්භ කෙරිණි.

ගජසවි සමාජවාදී පෙරමු‍ණේ මෙහෙය වීමෙන් මෙම වැඩසටහන දියත්වේ.

2020 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙසට බල කරන අත්සන් විසි ලක්ෂයක් ලබා ගැනීම මෙහි අරමුණ ය.