ගෝඨා-මෝදි හමුවක් ලබන සතියේ

Picture of අසංක

අසංක

ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා අතර විශේෂ හමුවක් ඉදිරි සති කිහිපය ඇතුලත පැවැත්වෙනු ඇති බවට තානාපති ආරංචිමාර්ග සඳහන් කර සිටී.

මෙවැනි හමුවක් සම්භන්ධව රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් ඉන්දීය රජය වෙත යෝජනාවක් කර ඇති බවත් මේ වනවිට ඉන්දීය රජය පාර්ශවයෙන්ද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් වාර්තාවේ.

මෙම හමුවට ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙන්ම ජාතික ආරක්ෂක උපදේශකවරයාද එක්වනු ඇති බවටත් තොරතුරු වාර්තාවේ.

මෙම හමුවේදී මෙරට ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව මෙන්ම දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වැදගත් කරනු රැසක් පිළිබඳවම සාකච්ජාවට ලක්කෙරෙනු ඇති බවටද තානාපති වාර්තා අනුමාන කර සිටී.