දිනක් තුළ සිදුවු දෙවැනි වෙඩි ප්‍රහාරයෙන් අමෙරිකාවේ ඔහියෝහි වෙඩ්ක්කරු ඇතුළු 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇත.
ගෙවී ගිය පැය 24 තුළ පළමු වෙඩි ප්‍රහාරය ටෙක්සාස් හි වෝල්මාර්ට් වෙත එල්ල කෙරුණු අතර එහි සිටි 20 දෙනෙකු මියගොස් තිබුණි.
එම වෙඩි තැබීමේ සැකකරු 21 හැවිරිදි අයෙකි.
ඒ පිළිබඳ FBI රහස් ඔත්තු නිලධාරීන් විමර්ශන කරන අතරතුර දෙවනි ප්‍රහාරය ද එල්ල වී ඇත්තේ නොසිතූ අයුරිනි.
ඔහියෝහිදී සැකකරුගේ වෙඩි ප්‍රහාරයට 9 දෙනෙකු ඝාතනයට ලක්ව තිබුණි.
පොලීසිය හා සිදුවූ වෙඩි හුවමාරුවේ දී සැකකරු ජිවිතක්ෂයට පත්ව ඇත.
ඔහියෝ වෙඩිතැබීම සිදුකළ සැකකරුගේ තොරතුරු මෙතෙක් හඳුනාගෙන නැත.
