ගතවූ මාස 7ට හදිසි අනතුරුවලින් 1600ක් මරුට

Picture of අසංක

අසංක

මේ වසරේ ගතවූ මාස 7 තුළ හදිසි රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 1629ක් බව පොලිස් මූලස්ථානය පවසයි.

එම අනතුරුවලින් 60%කටම හේතුව අපරීක්ෂාකාරී රිය පැදවීම බව පොලීසිය පෙන්වා දෙයි.

අද අලුයම කළුතර උතුර වස්කඩුවේදී 6 දෙනෙකුට මරු කැඳවමින් ද 62 නෙකුට තුවාල කරමින් ද සිදුවූ මාරක රිය අනතුරට හේතුව ද මේ වන විට සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊට හේතුව ලංගම බස් රථ රියැදුරු වාහනයකට ඉස්සර කිරීමට ගත් උත්සාහයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම බව ය.

මියගොස් තිබුණේ අවුරුදු 24-48ත් අතර පුද්ගලයන් ය.